12nd

65 11 53
                                    


අසුර මිටියාවතට ඇතුල් වෙන්න තිබ්බේ
ලොකූ ඔලුකට්ටක කටක් ඇතුලෙන්..මට හිතුන විදිහට ඒ යෝද මකරෙක්ගේ ඔලු කට්ටක්

📚 එහෙනම් මම නවතින්නම්..

💙 අපි ඉක්මනට එන්නම් ඩාරා

🌱 ඔයා පරීස්සමෙන් ඉන්න හරිද

📚 හරි ඉමා...ඔයාලත් පරිස්සමට ගිහින් එන්න

ඩාරාව එතනින් තියල අපි කට්ටිය ඇතුලට ගියා

ටිකක් ජරා පාට උනත් අසුර මිටියාවතෙත් අමුතු ලස්සනක් තිබුන කියලා කියන්න ඕන...මොකද ඒයි ඇත්ත...

💚 අපිට වැඩි වෙලා මෙතන ඉන්න බෑ ගායිස්...පුලුවන් තරම් ඉක්මනට ස්ටෝන් එක අරගෙන එමු

💜 අනික් තැන්වල වගේ අසුර මාලිගාවට යන්න නීති නෑ....අපිට ගේට්ටුවෙන් ගිහින් ගේමක් නැතුව ගේට්ටුවෙන්ම එන්න පුලුවන් අහු නොවුනොත්

🔥 අසුරයො නරකයිනේ

❤️‍ එයාලගේ පිරිසිදුකම අඩු නිසයි එයාලා අපේ ලෝකෙ වෙනම තැනක ඉන්නේ...ඒ ඇරුනම අසුර රාජ්‍ය කියන්නෙ බොහොම සාමකාමී රාජදානියක් හැබැයි මෙහෙ අසුරියක්ට..විශේශම රැජිනට ලස්සන කොල්ලො පේන්න බෑ

අසුරයන්ගෙ විස්තර අහමින් අපි ඉස්සරහටම ගියා , අසුර රාජ්‍යේ හොරකම් , මරා ගැනීම් කිසි දෙයක් සිද්ද නොවෙන තැනක්....මෙතන ගොඩක් වෙන්නෙ දරුනු දේවල් නෙමෙයි ජුගුප්සාජනක දේවල්

💜 මෙන්න මාලිගාව

නික් කිව්වේ ලොකූ ගල් වලින් හැදුන කුලුනක් පෙන්නලා , ඩාරාගෙ මැජික් එකට පින් සිද්ද වෙන්න ගදක් සුවදක් නොදැනුනාට පෙනුම දැක්කම ඕක්කාරෙට ආවා

මාලිගාව ආරක්ශාවට සෙබලෙක්වත් නැති නිසා අපි එහෙම්ම ඇතුලට ගියා

💙 අපි ස්ටෝන් එක ගත්තම අසුරයෝ දරුනු වෙන්න පුලුවන්

🌪️ එයාලා හොදයි කිව්වේ

💙 එයාලා තරහා ගියාම හරිම මිලෙයිච්චයි

මාලිගාව ඇතුලේ ගොඩක් අසුරයො ගොඩක් වැඩ කර කර හිටියේ ඒ වැඩ මොනාද කියන්න තරම් පැහැදිලි වීමක් මට නොතිබුන නිසා මම ඔහේ වට පිට බල බල ගියා

Four Spirit Where stories live. Discover now