4th

140 22 11
                                    

❤️ මේක පිස්සන් කොටුවක්ද...

යුංගි කෑ ගහපු පාර අපි හැමෝම සයිලන්ට් වෙලා ඒ පැත්ත හැරුනා...සුකීට නම් යක්සාවෙස වෙලා දිග ගවුමයි අත් වලිනුයි බෙල්ලෙනුයි දිගට රැලි ගගහ එල්ලෙන රෙදි පටි ටිකයි කොන්ඩෙ බැදලා තිබ්බ දිග රිබන් ටිකයි උස්සන් යුංගි ගාවට ගියා...අද යුංගියා ඉවරයි...

🔥 මිස්ටර් fire pheonix මේ කොහෙද කියනවා...උමගක් හම්බුනා අපි ආවා...ඊට පස්සෙ මේ පත කුරුල්ලා මාව  උස්සන් ආවා දැන් අපේ කොන්ඩයි ඇදුනුයි ඔක්කොම වෙනස් වෙලා...ඔයාලා කියනවා ඔයාලා වෙස් මාරු කරන ෆීනික්ස්ලා ලු...

🌱 මාත් එකගයි සුකීට...මොකක්ද මෙතන වෙන්නෙ...

💜 සොරි...ඇත්තටම අපිට මේක කියලයි පටන් ගන්න තිබ්බේ...ඒත් මේ තියන හදිසි තත්වෙ එක්ක අපිට වෙලාවක් ආවේ නෑ...

💙 ඔයාලගෙ උදව් ඕන අපිට පාශාන හතර හොයන් එක් කරන්න..

💧 කියන දෙයක් මුල ඉදන් කියන්න...ප්ලීස්..

💚 රයිට්...මීට අවුරුදු ගානකට කලින් අපේ ලෝකේ හරිම ලස්සනයි...ගුම්හියෝලා....සුලං මොනරු වගේ ගොඩක් මායා සත්තු මුලු ලෝකෙම හිටියා මර්මඩ්ලා ෆෙයරීස්ලා පවා....අපේ ලෝකේ සමතුලිතතාව පවන්තින්නේ දේවල් හතරත් මතයි...ශාක ජලය සුලං සහ ගින්දර...ඒ හතරට වෙන වෙනම පාශාන තිබ්බා...මේ පාශාන හතර නියමිත නිම්න වක ස්තානගත කරහම අපේ ලෝකේ ඉහලදි ඒවාගේ බලයක් එක් වෙනවා...ඒකේන් තමා අපේ ලොකේ ආරක්ශා උනේ....
ඒත් මොකක් හරි දේකින් ඒ පලිගු අස්තාන ගත වෙලා...අපේ ලෝකේ ටිකින් ටික දිරාපත් වෙනවා... එතකොටයි Nature,water,wind,fire අපිට කිව්වේ අපේ ලෝකේ හොයාගන්න ගෑනු ලමයි හතර දෙනා සිතියමක් වෙයි කියලත් අපිට එයාලගෙ ආරක්ශකයො වෙන්න කියලත්..

🌪️ සිතියමක්???

❤️ ඔව්...ඔයාලාට පලිගු තියන තැන් දැනෙනවා..ඔයාලගෙ මාර්ගයෙන් ඔයාලගෙ බලයට අයත් සතා ඒ තැන ඉවෙන් හොයා ගන්නවා...

🔥 මේක ෆිල්ම් එකක් වගේනේ...

🌪️ මට ශුවර් නෑ මේක ඇත්තක්ද කියලා...

💜 ඔයාලා මේක සුලුවෙන් තැකුවත් මේ අපේ ලෝකේ..ඔයාලා අපිට උදවු කරනවද...

Four Spirit Where stories live. Discover now