10th

88 14 10
                                    


ගොඩබිමට වඩා ගග ඇතුල මාරම ලස්සනයි.හුස්ම ගන්න කිසි අපහසුවක් දැනුනේ නැති නිසාත් හොදට පීනන්න පුලුවන් නිසාත් මුහුදෙයි ගොඩබිමෙයි ලොකු වෙනසක් මට දැනුනෙ නෑ...

💧 මාත් ආසයි මර්මඩ් කෙනෙක් වෙන්න...එතකොට හැමදාටම මේ මුහුදෙ ඉන්න පුලුවන් වෙයිනෙ..

💎 ජලයට අදාල පලිගුව හොයා ගත්තම ඔය හතර දෙනාටම මර්මඩ්ලා වෙන්න පුලුවන්...

🔥 රියලි...එතකොට ෆයර් ස්ටෝන් එක??

💎 ඒකෙන් ඔයාලට ලෝදිය වල කිමිදෙන්න පුලුවන්...eart stone එකෙන් කැලේ ඉන්න සතුන්ගේ වෙස් ගන්නත් wind stone එකෙන් සුලග වගේ නොපෙනී යන්නත් පුලුවන්..ඒත් ඒවා සයිඩ් පවර්ස්..

💧 තව දේවල් තියනවද...

💎 පලිගු විද්‍යාව ගොඩක් සංකීර්නයි ඩාරා තමා හරියටම ඔක්කොම දන්නෙ...



















පැයකට විතර පස්සෙ අපි ගොඩට ආවා...එද්දි ආරා වතුර ඉව කර කර හිටියෙ...ඉමා වතුරෙන් ගොඩ එද්දිම ආරා ඉමාගේ ඇගට පැන්නා...ඒ පාර දෙන්නම ආය වතුරේ..

🌱 ආරා...ඇයි පැටියෝ මේ...කෝ ෆීනික්ස්ලා...

ආරා කෙදිරි ගගා ඉමාට මොනාද කියන්න ට්‍රයි කරා...අවාසනාවකට ඒ මුකුත් අපිට තේරුනෙ නෑ....

💎 ඔයාලා ටක් ගාලා ඇදුමක් දා ගන්නකෝ...මම ෆීනික්ස්ලට එන්න කියලා පනිවිඩයක් දීලා දෙන්නම්...

ෆ්ලොරියා ආයෙත් ගගට පැන්නා...ඒ ටිකට අපි එතන තිබ්බ ඇදුම් ඇද ගත්තා...වාව්...ඒ ඔක්කොම අපිට ඕන විදිගට වෙනස් කරලයි තිබ්බේ කකුල් ලොකු දිග කලිසමයි බ්ලව්ස් එකයි...අපේ පාට හතරින් එකම වගේ ඩිසයින් කරලා තිබ්බේ...

💚 ආරා..

ඈතින් කෑ ගහන් ආවේ ඩැනී..ආරා ඉමාව අත ඇරලා ඩැනී ගාවට ගිහින් මොනාද කිය කිය දැගලුවා...ඒ එක්කම ඩැනීගේ මූනේ බරපතල පෙනුමක් ඇදුනා...ඒකට යටින් ලොකු සතුටක් තියන බවයි පෙනුනෙ..

💚 ගායිස්...ආරාට දැනෙනවා earth stone එක තියන තැන...අපි අද හවසට පිටත් වෙමු...

💜 ඩැනී...ඒක තියෙන්නෙ අසුරන්ගෙ භූමියෙලු....එහෙනම් ඒක ඇත්තේ අසුරයෝ ලග...

Four Spirit Where stories live. Discover now