" ආ ජිමිනා උඹ ආවද. මෙයා මේ හොටු පෙරන් අඬනවා මන් තරහා වෙලා කියලා බන්.. "

ටේටේ ජිමින් ළඟට ගිහින් ජිමින් පිටට තට්ටුවක් දාලා කියද්දි එතනට නැන්දා කෝෆි හදන් ආවා.

" ආ ජිමින් ඔයත් ආවද. මන් ඔයාටත් හදන් එන්නම්. "

" එපා මන් යනවා උඩට. ටේ උඹ දැන්ම යනවද. "

" ඔව් බන් වැඩ ගොඩක් අස්සෙ ආවෙ. ඉක්මනට යන්න ඕන. "

" මන් එහෙනම් රූම් එකට යනවා. මගේ ඔළුව ටිකක් රිදෙනවා. "

" හරි බන් එළ. "

ජිමින් ගියාට පස්සෙ මමයි ටේටේයි පහු ගිය දවස් වල ඒවට ඇරියස් වෙන්නත් එක්ක වල් පල් ටිකක් කතා කර කර හිටියා. ඒ වගේම අපි දෙන්නගෙ නම්බර්සුත් මාරු කර ගත්තා. ටේටේ එක්ක කතා කරද්දි මන් එදා කැෆටේරියා එකේදි දැකපු හීනෙ ගැන කෙළ බිඳක්වත් වට්ටන්න නැතුව හිටියෙ මට මෙයාගෙ හිත ආපහු රිද්දන්න බැරි නිසා. කතා කර කර ඉදලා ටේටේ මට ගෙනත් දීපු පලතුරු මල්ලත් උස්සන් මන් කාමරේට යද්දි මගේ කාමරේ දොරට හේත්තු වෙලා සුදු පාට ෂෝර්ට් එකකුයි අත් කපපු සුදු පාටම ෂර්ට් එකකුයි ඇඳන් ජිමින් හිටියා. ඒකත් රවාගෙන. අනේ මේ මිනිහට පොඩ්ඩක් හිනා වෙන්න බැරි හැටියක්.

" එනවා මගෙ කාමරේට. "

" ඒ මොකටද. "

මන් එහෙම කියලා ගස්සන් කාමරේ ඇතුළට යන්න හදද්දි ජිමින් මගේ අතින් ඇදන් ගියේ අනිත් අතේ තිබුණු ටේටේ දීපු පලතුරු මල්ලත් බිම වැටෙද්දි. මගේ අතින් ඇදන් යන එක මෙයාට පුරුද්දක් වෙලාද කොහෙද.

මාව එයාගෙ කාමරේට එක්කන් ආපු එයා ඒකෙ දොර වැහුවෙ පයින් එකක් ගහලා. මාව බිත්තියට හේත්තු කරලා ජිමින් මාව බිත්තියටත් එයා අතරටත් තද කර ගද්දි තමයි ඒ ඇස් කේන්තියෙන් පුපුරන හැටි දැක්කෙ.

" මොකද වෙලා තියෙන්නෙ ජිමින්. "

" මොකද වෙලා තියෙන්නෙ ආ.. තමුසෙ මොකටද අරූව බදා ගත්තෙ ආ.. "

" කවුද අරූ කියන්නෙ. "

" ඔව් ඔව් තමුසෙ දන්නෑනේ. තමුසෙ හරි තොත්ත බබානේ. මන් එද්දි තමුසෙ ටේහ්යුන්ව බදාගෙන හිටියෙ. ඒකත් අඬ අඬ. "

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now