ජිමින් යන්න ගියේ මන් හිටපු ඇඳටත් ගහලා මටත් ගස්සගෙන. ගැලවෙයි බටු පාත්තයගෙ කුකුල් පස්ස.. පුදුම මිනිහෙක් තමයි. මේ යකාට ආද​රේ කරන්න මටත් ලැජ්ජ නෑනෙ... ආයිෂ් මන්දනා වෙන කොල්ලෙක් හිටියෙම නැද්ද උඹටත් මේ ගිනි මකරටම හිත ගියේ... නිකන් හරියට කතාව මන් හිතලා තුවාල කර ගත්ත වගේ.

" රෂ්... සර් කියන ඒවා ගණන් එපා ළමයෝ. සර්ට මේ දවස් වල කරදරනේ. ඒ නිසා එයාට ඉක්මනට තරහා යනවා. "


" මේ දවස් වල විතරක් මොකද. මන් ආපු දා ඉඳන් ඕකගෙ වැඩේ තරහ ගන්න එකනේ.. "

සේහා මැඩම් මටත් හිනා වෙලා ඔළුවත් අත ගාලා ගියේ ආපහු කම්පැනි එකට.


" රෂ් මන් දැන් කම්පැනි එකට යන්න ඕන. ඔයා දන්නවනෙ ඊළග සතියේ අ'වෝඩ් සෙරමනි එක කියලා. සාරා මැඩම්ව බෙස්ට් ඇක්ට්‍රස්ලා තුන් දෙනා අතරට නොමිනේට් වෙලා. ඒ නිසා වැඩ ගොඩ ගැහිලා. "

" හරි මැඩම්. "

සේහා මැඩම් ගිහින් පැය බාගෙකට පස්සෙ විතර ජිමින් මාව ගෙදර එක්කගෙන ගියා. කාර් එකේ ඉද්දි මන් මතක් කරේ මගේ අතට කෝපි එක අර මෝඩ ගෑණි හලපු එක. කොටියම කාපිය ඕකිව. අ'වෝඩ් සෙරමනි එකේදි ඕකිගෙ උල් සපත්තුවක් කාණුවක් අස්සෙ හිර වෙලා කොන්ද කැඩිලා සතියක් හොස්පිට්ල් ඉන්න ඕන ඇවිදගන්න බැරුව.

" මොනවද තමුසෙ කුටු කුටු ගාන්නෙ. "

එයාට විතරද ගස්සන්න පුළුවන්. මටත් ගස්සන්න පුළුවන් හූම්. මන් එයාටත් ගස්සලා අනිත් පැත්ත හැරෙද්දි අර විකාර ෂට​ර් එකේ මගේ ඔළු ගෙඩිය හැප්පුණා. ඊටත් වඩා මගේ තුවාලෙ තිබුණ තැනමයි වැදුණෙ.. දිට්ඨදම්මවේදනී කර්ම කියන්නෙ මේවට. සාරා මැඩම්ට තියපු දෙස් දෙවොල් වලට වෙන්නැති ඔළුව වැදුණෙ.. හම්මෝ නිකන් බාත්රූම් යන්නත් ඕන වගේ.

ජිම්න් කාර් එක පාරෙ අයිනට කරලා නතර කරලා මාව එයාගෙ පැත්තට හරවන් නළල බලනවා.

" තමුසෙට පිස්සුද මන්දනා.. තුවාලෙත් පෑරිලා. බලනවා ලේත් එනවා. "

මන් තුවාලෙ උඩ තිබුණු බැන්ඩේජ් එක අත ගාලා බලද්දි අත පුරාම ලේ.. ආයිෂ් අදනම් මන් මැරෙන්නෙ මේ තුවාලෙන් ලේ ගිහිල්ලමයි.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now