" යොන්ටෑන් මොනවද කරන්නෙ ආ.. "

දුර තියා දුවගෙන ආපු ටේටේ එයාගෙ බල්ලව වඩා ගත්තා.

" සොරි රෂ්මිකා. මෙයා ටිකක් දඟයි. "

එයා මාත් එක්ක හිනා වුණු විදියට හිතුවෙ දැන් මාත් එක්ක යාළු ඇති කියලා. ඒත් මට ටේටේ කතා කරේ රෂ්මිකා කියලනේ... ඇයි එයාට බැරි වෙනදා වගේ ස්වීටි කියන්න.

ඕන දෙයක් වෙද්දෙන් කියලා මන් ටේබල් එක උඩ නැගලා ඉද්දිම ඇල්ලුවේ ටේටේගෙ අත. තත්පර පහක් දහයක් වෙන්න ඇති... එයා එදා වගේම අදත් මගේ අත ගසලා දැම්මා. ටේටේ අත ගසලා දාපු පාර මම ටේබල් එකෙන් වැටුනෙ කැෆටේරියා එකේ හිටපු අය මට හිනා වෙද්දි. කමක් නෑ... දැන් නම් මට ලැජ්ජාව කියන නාමයක්වත් නැද්ද කොහෙද. ඒකනෙ හැමෝම මට හිනා වුණත් කිසි ගානක් නැත්තෙ.

" ස්වීටි ආ යූ ඕකේ... ඔයාගෙ ඔළුව "

" ආ මම හොඳින් ටේහ්යුන්.. මම යන්නම්.. "

මම පුළුවන් තරම් ඉක්මනට ආවෙ තව හිටියොත් ඇඬෙන නිසා.

" යා රෂ් ඔයාගෙ ඔළුවට මොකක්ද වුණේ ළමයෝ. "

මන් ඔළුව අල්ලද්දි දැනුණෙ වතුර වගේ දෙයක්. ඒත් පස්සෙයි දැක්කෙ ලේ කියලා. එහෙනම් වැටුණු වෙලාවෙ තුවාල වෙන්නැති. සේහා මිස් මාව ඇදන් ගිහින් වාඩි කරවලා ඔළුවට බෙහෙත් දානවා.

ඒත් මන් හිත හිත හිටියෙ ටේටේගෙ අත අල්ලපු තත්පර පහට මන් දැකපු දේ. ඒ දැක්කෙ ටේටේගෙ නංගිගෙ බාත්රූම් එකේ හිටිය කළු ඇඳ ගත්තු මූණ වහගෙන හිටපු මනුස්සයා. එයාගෙ අතේ ටැටූ එකක් තිබුණා. S අකුර ගහපු ටැටූ එකක්.

" ළමයෝ මොන සිහියෙන්ද ඉන්නෙ. කොහොමද තුවාල වුණේ. "

සේහා මැඩම් මාව තුන් හතර පාරක් හොලවලා ගද්දි තමා සිහියට ආවෙ.

" ආ අර ටේබල් එකක ඔළුව වැදුණා. "

" කියලා තව හිනා වෙන හැටි පිස්සි වගේ.. "

" රෂ් 31 වෙනි ෆ්ලෝර් එකේ සාරා මැඩම්ගෙ ෂූට් එකක් තියනවා. එහෙට කෝපි කප් විස්සක් ඉස්සරහ කැෆේ එකෙන් ගිහින් දෙන්න. "

තව කෙනෙක් ඈත ඉඳන් කෑ ගහලා කියද්දි මන් සේහා මැඩම්ටත් ස්තූති කරලා කැෆේ එකෙන් කෝෆි අරන් අදාළ ෆ්ලෝර් එකට ගියා.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now