" ආ ගන්නවා මේක. කලන්තෙත් දාලා ආවා උඩ පැනගෙන තනියම. අන්න අර පුටුවෙන් වාඩි වෙලා මෙතන තියන සේරම ටික කනවා. එකක් හරි ඉතුරු කරොත් මරනවා. "

යකෝ මෙයාගෙ ගෑස්... මන් කෑම බෑග් එකත් අරගෙන පුටුවෙන් වාඩි වෙලා ඒක දිහා බලන් කල්පනා කරේ මෙච්චර කෑම ගොඩක් කන්නෙ කොහොමද කියලා. උදෙත් බඩ පැලෙන්න කාලා ඉඳපු නිසා මේක කෑවොත් ෂුවර් එකටම අද හුස්ම හිරවෙලා මැරෙන්නෙ. කෑවෙ නැති වුණොත් මැරෙන්නෙ ජිමින්ගෙ අතින්. ඒ නිසා පුළු පුළුවන් විදියට අතට අහු වෙන ඒවා ටික කටට දාගත්තා.

ඒත් එක්කම කැබින් එකට ආවෙ මේකෙ ඩිරෙක්ටර් බෝඩ් එකේ කෙනෙක්. මන් එයා එනවත් එක්කම කැබින් එකෙන් යන්න නැගිට්ටත් ජිමින් මට අතින් ආපහු වාඩි වෙන්න කියපු නිසා මන් වාඩි වෙලා කන ගමන් එයාලා කියන දේවල් අහගෙන හිටියා.

" ජිමින් මට තේරෙන්නෑ දැන් මොනවා කරන්නද කියලා. අපේ ෂෙයාර්ස් එන්න එන්නම පහළ යනවා. ඒ මදිවට ඉන්න අයිඩල්ලත් ඒජන්සි එකෙන් අයින් වෙන්න හදනවා. "

" ආයිෂ්... දැන්නම් සේරම අවුල් වෙලා තියෙන්නෙ. "

ජිමින් එයාගෙ ෂර්ට් එකෙ උඩ බොත්තම් දෙක ගලවන ගමන් එයාගෙ නලල අතින් පිරිමදිද්දි මට තේරුණේ එයා මේ වෙලාවෙ ඉන්නෙ ගොඩක් ලොකු ස්ට්‍රෙස් එකකින් කියලා.

" ජිමින් තව දෙයක්. අපේ ඇක්ටර්ස්ලගෙ ඇක්ට්‍රස්ලගෙ අලුත් ඩ්‍රාමා වලට සයින් කරපු සේරම ඇග්‍රීමන්ට්ස් ඒ කම්පැනීස් වලින් කැනස්ල කරලා. එයාලා කැමති නෑ මේ වගේ කම්පැනි එකකින් අයිඩල්ලව සම්බන්ධ කරගන්න. දැන් මොකද අපි කරන්නෙ. අපි මොනවහරි නොකරොත් ලොකු විනාසයක් වෙයි. "

" මන් අද හවසට ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තියන්න ඉන්නෙ. බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. මිස්ටර් චෝයි ඔයා හවසට ප්‍රෙස් කන්ෆරන්ස් එක කරන්න මීඩීයා වලට එන්න කියලා දන්වන්න. තව සාරාටත් එන්න කියලා දන්වන්න. "

" හරි ජිමින්. මන් එහෙනම් යන්නම්. "

මිස්ටර් චෝයි යනවත් එක්කම ජිමින් එයාගේ මේසෙන් ඔළුව තියා ගත්තෙ මහන්සියට වෙන්න ඇති. මොනා වුණත් එයා CR ENTERTAINMENT එකේ CEO නිසා සිද්ධ වුණු දේත් එක්ක එයා ඇත්තෙ ලොකු ප්‍රෙෂර් එකකින්. මන් කෑම බෑග් එකත් පැත්තකින් තියලා ජිමින් ළඟට ගියේ එයාට කොහොමද බලන්න.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now