" කවුද කිව්වෙ විශ්වාස කරන්නෑ කියලා. මන් කිව්වනෙ අපි දැන් යාළුවො කියලා. ඒ නිසා මට ඔයාව විශ්වාසයි. "

ටේටේ ඒක කිව්වෙ මගේ දිහා හරිම අමුතු හැඟීමකින් බලා ගෙන. ඒක නිකන් ලොකු දුකක් හිර කරන් ඉන්නවා වගේ.

" එහෙමද. මන් හිතුවෙ ඔයත් ජිමින් වගේ මට පිස්සු කියයි කියලා. "

" අනේ මේ ඔයාට නෙමේ ඌටයි පිස්සු. බටු පාත්තයා. "

ඒකට නම් මටත් හිනා ගියා. ගැලපෙනම නම.

" ඒක තමයි නේ. පීපී තාරා වගේ ඉදන් කට තියනවා යාරයක් විතර දුරට. "

" ඒකනෙ ස්වීටි. අපි යමු දැන්. "

ටේටේ මාව ගෙදරට ගිහින් දාද්දි ගෙදර කවුරුවත් හිටියෙ නැති නිසා මන් සැප නින්දක් දැම්මෙ උදේ වුණු දේවල් අමතක වෙන්නත් එක්ක. 

මන් ඉන්නෙ කාගෙ හරි ක්ලොසට් එකක් ඇතුළෙ. වාව්... තියන රෙදි කන්දරාව. ෂොපින් මෝල්වලවත් නැතුව ඇති මෙච්චර රෙදි තොගයක්. මන් ක්ලොසට් එකේ තිබුණු නිල් පාට කමිසයක් ළඟට ගිහින් කමිසය මූණ ළඟටම තියා ගෙන හොඳ හුස්මක් ගනිද්ද දැනුණෙ හොඳ හුරු පුරුදු සුවඳක්. ඒත් ඒ සුවඳ මොකක්ද කාගෙද කොහෙදිද දැනුණෙ කියලා කිසිම මතකයක් නෑ. ඒත් අල්ලන් හිටිය කමිසය එක පාරටම මටත් නොදැනි අතින් අතෑරුණෙ ක්ලොසට් එක ඇතුළට ආපු කෙනා දැකලා. ඒ හිටියෙ ජිමින්. ඒකත් සුදු පාට ටවල් එකක් විතරක් ඇඳ ගෙන.

" බුදු අම්මෝ... මොකක්ද යකෝ ඒ දැක්ක හීනෙ. ෂික් දකින්නෙම මහ වල් හීන. "

මන් ඔළුවටත් තුන් හතර පාරක් තට්ටු කර කර පහළට ගියේ නැන්දලා ගෙදර ඇවිත්ද කියලා බලන්න.

" ආ සුදු බබා. නැගිට්ටද ඔයා. මන් මේ ඇහැරවන්න එන්න හැදුවෙ. "

කිචන් එකේ ඉඳන් නැන්දා කියද්දි මන් නැන්දව පිටි පස්සෙන් බදා ගත්තෙ මට නිකන් ඉබේටම එහෙම කරන්න හිතුණු නිසා.

" ඔයා කොහෙද අනේ ගියේ. මන් එද්දි ඔයා හිටියෙ නෑනෙ අප්පා. මන් ඉතින් නිදා ගත්තා. තනියම ඉන්න කම්මැලිනේ මට හූම්... "

" මන් යාළුවෙක් එක්ක ෂොපින් කරන්න ගියානේ රත්තරන්. මන් අනිත් දවසෙ යද්දි ඔයාවත් එක්කන් යන්නම්කො. ඒකනෙමෙයි ඔයාට මෙහෙ යාළුවො එහෙම නැද්ද. "

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now