" මොකද බලන් ඉන්නෙ. ඉක්මනට කියනවා. මට තව වැඩ තියනවා. "

" මේ... මන් දන්නෑනේ.... "

සුදු අයියා මන් දිහා බැලුවෙ ඇසුත් ලොකු කරන්. ඒ වගේම එතන හිටිය ගෑණු කෙනා මට හිනා වුණත් එක්ක. ඒ වෙලාවෙ නිකන් මට දුක හිතුනා. ඉතින් මන් කවදාවත් කඩෙන් රෙදි අරන් නෑනෙ. ළමා නිවාසෙ අපිට හම්බෙන රෙදි අඳිනවා මිසක් අපි රෙදි ගන්න යන්නෑනෙ.

" මේ මැඩම්.. ඔයාව මෙතනට එක්කන් ආවෙ හිනා වෙන්න නෙමේ ඇඳුම් තෝරන්න. ඔයාට ඒක කරන්න බැරි නම් මෙතනින් යන්න. අපි තෝර ගන්නම්. "

" සොරි සර්. මන් මේ... "

" යනවා මෙතනින්. "

ඒ ගෑණු කෙනා ගියේ මටත් රවාගෙන. මට රවන්නෙ මන් මොන දෙයක් කරාටද. ඊට පස්සෙ ජිමින් මන් ළඟට ඇවිත් මගේ උරහිස් දෙක උඩින් එයාගෙ අත් දෙක තියලා මගේ මුළු ඇඟ පුරාම උඩ ඉඳන් පහළට බලන් ගියේ හරි අමුතු විදියට. මන් එකපාරටම ජිමින්ව තල්ලු කරේ පපුවත් අත් දෙකෙන් වහගෙන.

" යා පාර්ක් ජිමින්.. මොනවද තමුසෙ මේ කරන්නෙ. "

මන් කෑ ගහපු පාර එතන හිටිය අනිත් අයත් අපි දිහා බැලුවා.

" මොන මගුලක්ද කියන්නෙ. මන් තමුසෙගෙ ඇගේ සයිස් එක මොකක්ද කියලා බැලුවෙ. "

" ඒකට ඉතින් ඔහොම බලන්න ඕනි නෑනෙ. "

" අනේ මේ බලන්නම මරු බඩ්ඩ නේ. තුනී ලෑලි සංස්ථාවෙ සභාපති වගේ ඉඳන්... "

ජිමින් කියද්දි මගේ ඇස් හිමින් ගියේ ඇඟ දිහාවට... අනේ ඉතින් මිනිස්සුන්ට ඔහොමත් මූණට කතා කියනවද.

" කෝ එනවා යන්න. තමුසෙට ස්මෝල් තමා ගැලපෙන්නෙ. "

ජිමින් මාව ස්මෝල් සයිස් රෙදි තියන සෙක්ෂන් එකට එක්ක ගිහින් මුලින්ම කහ පාට ගවුමක් අරන් දුන්නා.

" මෙන්න මේක ඇඳන් එනවා බලන්න ඇතිද කියලා. "

මන් ෆිටෝන් කරගෙන එද්දි ජිමින් හිටියෙ ෆෝන් එක ඔබ ඔබ. මේ ගවුමෙ තිබුණෙ චූටි උරපටි. ඒ වුනාට හරිම කියුට්. දණහිසටත් උඩ. ෂෝක් එකට හුළංතුත් වැදෙනවා මේක ඇන්දම. මන් ගවුම අල්ලන් වටයක් කැරකුණේ ඒ ගවුමට ආස හිතුණ නිසා.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now