22 කොටස

480 145 70
                                    

කමෙන්ට් ගෝල් 50

"හොඳ දවසක් ගත කරන්න ටේහ්‍යුන්"

පසුදා උදෑසන ටේහ්‍යුන් ගෙ දෙතොල් අතරයට හාදුවක් දෙමින් ඇමේලියා කියනකොට ටේහ්‍යුන් ගෙ දෑස් නිකන්ම සැටිය උඩ වාඩි වෙලා ඉන්න ජන්කුක් දෙසට යොමු උනා. ඔහුගෙ සිත වරදකාරී හැගීමකින් වෙලා ගනිද්දී ඔහුට ජන්කුක් ට සමාව ඉල්ලන වචන කීපයක් මිමිණීමට දැඩි අවශ්‍යතාවයක් දැනුනත් ඔහු කිසිවක් කියන්නට ගියේ නැහැ.

"සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඇමේලියා. ඇයි ඇමේලියා ඉක්මනට ගෙදර නොයන්නෙ? උදේ ආහාරය මග ඇරෙන්න පුලුවන්"

ටේහ්‍යුන් කියනකොට ඇමේලියා සම්ච්චල් සහගත ලෙස සිනා උනා.

" තමන්ගෙ අනාගත බිරිඳට උදෑසන ආහාරයට නතර වෙන්න කියන එක හොඳ පුරුද්දක් නෙවෙයිද ටේහ්‍යුන්?"

ඇමේලියා ටේහ්‍යුන් ගෙ කම්මුල් මතින් ඇගිලි තුඩු යවන ගමන් විමසනකොට ටේහ්‍යුන් එයට පිළිතුරක් දුන්නෙ නැහැ.

"මට පරක්කු වෙනවා ඇමේලියා ඉක්මන් කරනවාද?"

ටේහ්‍යුන් මුමුණන කොට හිස සලපු ඇමේලියා සැටිය මත වාඩි වෙලා ඉන්න ජන්කුක් දෙස බලා සිනා සුවේ ඔහු ඔවුන් දෙදෙනා දෙස බලාසිටිනවා දුටු නිසා.

"ඩැඩ් කිව්වා අපේ වෙඩින් එක ඉක්මන් කරනවා කියලා. අපි ඉක්මනින්ම විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. නේද ටේහ්‍යුන්"

ඇමේලියා ටේහ්‍යුන්ගෙන් අහනකොට ටේහ්‍යුන් දෑස් වසා ගත්තා. ඇමේලියාගෙ පියා ඔහුට දුරකතන ඇමතුම් දෙමින් කීප විටක්ම බල කලෙ ඉදිරි සති දෙක ඇතුලත ඇමේලියාව විවාහ කර ගන්න දිනයක් යොදා ගන්නා ලෙස. ටේහ්‍යුන් 'හොඳයි' ලෙස පැවසුවත් ඔහු විවාහය පිළිබඳ කල්පනා හෝ නැහැ කලේ. නමුත් හැමදාටම මෙලෙස විවාහය පසු පසට දමා ගනිමින් සිටිය නොහැකි වග ටේහ්‍යුන් දැන සිටියා.

"එතකොට වත් මේ වැඩකට නැති කුණු ගොඩවල් නොදැක ඉන්න පුලුවන් වෙයි නේ"

ඇමේලියා ජන්කුක් දෙස බලාගෙන කියනකොට ටේහ්‍යුන්ගෙ දෑස් විසල් උනා.

"එයාට එහෙම කතා කරන එක නතර කරන්න ඇමේලියා...!!"

"වෙන අයගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ලගෙ ඇගේ එල්ලෙන්නෙ කුණු ගොඩවල් නෙවෙයිද ටේහ්‍යුන්?"

Artificial Intelligence || vkook ✓Where stories live. Discover now