09 කොටස

759 175 42
                                    

කමෙන්ට් ගෝල් 50

"ටේහ්‍යුන් ගෙ පෙම්වතා කොහෙද දන්නෙ නැහැ"

ඇමේලියා සම්ච්චල් සහගත ලෙස මුමුණකොට ඔවුන් සමග වාඩි වෙලා හිටපු ටේහ්‍යුන් ගෙ සමකාලීන මහාචාර්යවරයෙක් උන ප්‍රොෆෙසර් ඩේවිඩ් හා ඔහුගෙ බිරිඳ ටේහ්‍යුන් දිහා පුදුමෙන් බලනකොට ටේහ්‍යුන් ආයාසයෙන් සිනා උනා.

ඔවුන්ගෙ විද්‍යා ව්‍යාපෘති වලට සමගාමීව පවත්වන annual get together party එක සඳහා අලංකාර සුපෝගබෝගී හොටෙල් එකක දහවල් ආහාරය සඳහා සියලුම දෙනා සිය සහයකයා හෝ සහකාරිය සමග එක් උනේ සුන්දර හා රසවත් දිවා ආහාරය පිටත සිට රිසි සේ බුක්ති විඳින්න. වසන්ත සෘතුවේ දවසක් වූ එදින උණුසුම් හා ප්‍රියමනාප දිනයක් වූයෙන් ඔවුන් සාදය එලිමහනේ පවත්වන්න තීරණය කලා.

"කට වහගන්න ඇමේලියා"

තමා දෙස බලා සිටින මහචාර්යවරු දෙස අපහසුවෙන් බැලූ ටේහ්‍යුන් ඔහුගෙ අතේ තිබුන චීස් බර්ගර් එකට අවධානය යොමු කරද්දී ටේහ්‍යුන්ට ගැස්සූ ඇමේලියා වෙනකක් බලා ගත්හෙයින් ඇති වූයේ අපහසුකාරී නිහඬතාවය ක්. විනාඩි කිහිපයක් තිස්සෙ පැවති අපහසුවකාරී නිහැඩියාව බිඳිමින් ප්‍රොෆෙසර් ඩේවිඩ් එක් වරම කතා කලා.

" හායි ජන්කුක්. මෙහෙ එන්න"

ඔහු කෑ ගසද්දී ගැස්සී ගිය ටේහ්‍යුන් ප්‍රොෆෙසර් ඩේවිඩ් අත දිගු කරන් සිටින දිශාව බැලුවා. ඔහු දැක්කෙ පිහිනුම් තටාකය දෙස බලාගෙන සිටින ජන්කුක්. මහාචාර්යවරයාගෙ කටහඩ ඇහුන සැනින් ඒ දෙස බැලූ ජන්කුක් එතැන ඇමේලියා හා ටේහ්‍යුන් සිටිනු දැක ටේහ්‍යුන් දෙසට දෑස් යොමු කලා.

"අද මගෙන් ඈත් වෙලා ඉන්න ජන්කුක්. ඇමේලියාට ලං වෙන්න එපා "

ටේහ්‍යුන් ජන්කුක් ට කී දෙය ජන්කුක් ට මතක් වෙද්දී ඔහු එලෙසම ටේහ්‍යුන් දෙස බලාගෙන සිටියා.




"ජන්කුක් ඉක්මනට එන්න. මගෙ වයිෆ් ට ජන්කුක් ව අඳුනා ගන්න ඕනෙ ලු"

ඔහු කෑ ගසද්දී ජන්කුක් ගේ හා ටේහ්‍යුන් ගෙ දෑස් එකට ගැටුනා. කිසිවක් නොකියා ජන්කුක් දෙස බලා යන්තම් හිස වැනූ ටේහ්‍යුන් ඉදිරිය බලා ගත්තේ ඇමේලියාගෙ දෑස් මග හරිමින්. ඊළග මොහොතේ දී ටේහ්‍යුන් ගෙ අවසරය ලැබුනු විගස ජන්කුක් ඔවුන් වෙත ඇවිද විත් ප්‍රොෆෙසර් ඩේවිඩ් අසලට ගියා.



Artificial Intelligence || vkook ✓Kde žijí příběhy. Začni objevovat