04 කොටස

697 188 143
                                    

කමෙන්ට් ගෝල් 50

" ඇමේලියා ඒත් ඔයා පොරොන්දු උනා අද එනවා කියලා "

ටේහ්‍යුන් ඉයර් ෆෝන් එක කනේ ගහගෙන දුරකථනය දිහා බලාගෙන කෑ ගහනකොට ජන්කුක් ටේහ්‍යුන් ගෙ ඔෆිස් රූම් එකෙ ටේහ්‍යුන් ඉදිරිපස වාඩි වී සිටියෙ ටේහ්‍යුන් ගෙ මුහුණ දෙස බලාගෙන.

ටිකක් වෙලා බලාගෙන හිටපු ජන්කුක් ට දොරට තට්ටු කරන හඩක් ඇසුනු නිසා ඔහු ඒ දෙස බැලුවා. ටේහ්‍යුන්ගෙ සංඥාව පිලි ගත්ත ජන්කුක් එතනින් නැගිටලා දොර ලගට ගිහින් දොර ඇරියා.


"ප්‍රොෆෙසර් කිම්ට"

ජන්කුක් ගේ අතට හොට් ලෙමන් වීදුරුවක් දෙන ගමන් ප්‍රාථමික මට්ටමේ රොබෝ කෙනෙක් කියනකොට ජන්කුක් එය ලබාගෙන තවමත් තමන්ගෙ පෙම්වතිය සමග රණ්ඩු වන ටේහ්‍යුන් දෙස බලාගෙන හිටියා.


"ඇමේලියා... ඒත් මම හොටෙල් එක බුක් කලා. ආයෙ වතාවක් ඒක කැන්සල් කලොත් ඒ මිනිස්සු හිතයි මට පිස්සු හැදිලා කියලා. කී පාරක් මම බුකින් එක කැන්සල් කලා ද ඇමේලියා"

ටේහ්‍යුන් තරහෙන් කීවේ ඇගිලි තුඩු මිරිකා ගන්න ගමන්. ඇමේලියා අද ටේහ්‍යුන් සමග රාත්‍රිය ගත කරන්න ටේහ්‍යුන්ගෙන් ඉල්ලා සිටිය නිසා ටේහ්‍යුන් ඈ වෙනුවෙන් හොටෙල් එකක් බුක් කලත් ඇය සියල්ලම බුක් කිරීමෙන් අනතුරුව ඈට මිතුරියකගෙ සාදයකට යෑමට අවශ්‍ය වග පවසා තමාට පැමිණිය නොහැකි වග පැවසීම ටේහ්‍යුන් ගෙ කෝපයට හේතු වී තිබුණා. මෙය ඇමේලියාගෙ පලවෙනි වතාව වූවා නම් ටේහ්‍යුන් ඈව ඉවසන්න තිබුනා. නමුත් ඈ කීප වතාවත්ම මෙලෙස පොරොන්දු කඩ කිරීම නිසා ටේහ්‍යුන් ගෙ වැඩ පාලුවීම හා මුදල් නිරපරාදෙ නාස්ති වි තිබුනා.


"මගෙ සතුට ගැන හිතන්නෙ නැද්ද ටේහ්‍යුන්..!!"

ඇමේලියා එහා පසින් කෑ ගසනවා ඇසෙද්දී ඈ රණ්ඩුවකට අර අදින වග ටේහ්‍යුන්ට ඉවෙන් මෙන් තේරුනෙ න් සුසුමක් හෙලූ ටේහ්‍යුන් තමන්ගෙ නළල සම්බාහනය කර ගත්තා.

"හොඳයි හොඳයි ඇමේලියා... ඇමේලියා යන්න. මම මොනවා හරි කරන්නම්"

ටේහ්‍යුන්ට 'මගෙ සතුටට මොකද වෙන්නෙ?' කියලා අහන්න ඕනෙ උනත් ඔහු කීවේ සුසුමක් හෙලන ගමන්.


Artificial Intelligence || vkook ✓Where stories live. Discover now