01 කොටස

881 217 130
                                    

කමෙන්ට් ගෝල් 50

"ජන්කුක් මෙහෙන් එන්න"

ටේහ්‍යුන් ජන්කුක් සමග ඔවුන්ගේ ලැබ් එකෙ ඇවිදිමින් හිටියේ ඔහුට ලැබ් එකෙ හැම අඟලක්ම පෙන්වන ගමන්. ජන්කුක් ව ලෝකයට එලි දක්වලා තවම පැය විසි හතරක් වත් ගත වී තිබුනේ නැතත් ටේහ්‍යුන් ජන්කුක් ට ප්‍රිය කරන්න පටන් අරගෙන. ඔහුගේ රෝස පැහැති දෙතොල් , පිරුණු කම්මුල් , විශාල නිල් පාට බෝල ඇස් ~ ඔහු දෙවියන් වහන්සේගෙ නොව ටේහ්‍යුන් ගේ නිර්මාණයක් වූවා. ටේහ්‍යුන් අඟලින් අඟල ඔහුව නිර්මාණය කොට තිබුනා.

ටේහ්‍යුන් වඩාත් ප්‍රිය කළ රූපය ඔහු ජන්කුක් තුලින් ස්මතු කරන්න ට ඔහු උත්සාහ කර තිබුනා. ජන්කුක් ව දුටු විට ඔහුගේ හදවතේ රිද්මය ඇසුනොත් තේරුම් ගනීවී ටේහ්‍යුන් මෙවර අති සාර්ථක බව.


" ජන්කුක් මෙහෙන් එන්න. මම ජන්කුක් ට යාලුවෙක් හඳුන්වලා දෙන්නම්"

ටේහ්‍යුන් කියනකොට හිස සලපු ජන්කුක් ඔහුට කීකරු උනා. ටේහ්‍යුන්ට ජන්කුක් ගේ හුරුබුහුටි ඇඟිලි වලින් අල්ලා ගන්න ඕනෙ උනත් ටේහ්‍යුන් නතර උනේ ඔහු හැඟීම් තිබෙන සාමාන්‍ය මනුෂ්‍යයෙක් වගේම රොබෝ කෙනෙක් නිසා ඔහුට ඔහුගේම පෞද්ගලිකත්වයක් ඇතියි කියා ටේහ්‍යුන් ගේ අදහස වූ නිසා.

විනාඩි කිහිපයකින් ඔවුන් දෙදෙනා ලැබ් එකෙ ඉහල මාලයට ඇවිදගෙන ගියා. එහි වූයේ කුඩා කාමර කිහිපයක්. Room number 3 ලෙස සඳහන් කොට තිබුණු කාමරය වෙත ඇවිදගෙන ගියපු ටේහ්‍යුන් එහි දොරට තට්ටු කලා.



"ඔලිවර්? මම ඇතුලට එන්නද?"

"ඇතුලට එන්න ප්‍රොෆෙසර් කිම්"

මොහොතකට පසු ඇතුලෙන් කටහඩක් ඇහෙනකොට සිනාවකින් මුව සරසා ගත් ටේහ්‍යුන් එහි දොර විවෘත කලේ ජන්කුක් ට තමාව අනුගමනය කරන්න කියලා සංඥා කරන අතරතුර. දොර විවෘත කරපු ටේහ්‍යුන් දුටුවේ ඇඳ මත සිට බිත්තියෙ සවි කරපු ලොකු ඩිජිටල් තිරය දෙස බලාගෙන කම්පියුට් ගේම්ස් ගසන ප්‍රොජෙක්ට් නම්බර් 51 නැති නම් සිතා මතා සිතුවිලි ජනනය කල හැකි තුන්වන රොබෝ ඔලිවර්.

"හායි ඔලිවර්"

ටේහ්‍යුන් කියනකොට ඔලිවර් ජන්කුක් දෙස හැරී බලද්දී ජන්කුක් චකිතයෙන් ඔහු දෙස බලා සිටියා. ඔහුගේ හිස කෙස් පිදුරු පාට උන අත දෑස් අසාමාන්‍ය ලෙස තැඹිලි පැහැති උනත් ඔහු කඩවසම් වූවා. සැහැල්ලු අලු පැහැති කමිසයක් හා කොට කලිසමක් හැද සිටි ඔහුගෙන් දිස් වූයේ විනෝදකාමී ස්වරූපයක්.

Artificial Intelligence || vkook ✓Where stories live. Discover now