07 කොටස

611 181 103
                                    

කමෙන්ට් ගෝල් 50 ( ඕක පන්වන්න ඈ)

"කොහෙද කලබලයෙන් යන්න හදන්නෙ ජන්කුක්"

ජන්කුක් වේගයෙන් දුවගෙන යනකොට තමන්ගෙ ඇගේ ජන්කුක් හැප්පුනාම ඔලිවර් ජන්කුක් ව අල්ලා ගත්තා.


"මට සමාවෙන්න ඔලිවර්.. ඔයා හොඳින් නේද?"

ජන්කුක් කලබලයෙන් මුමුණන කොට සිනාවක් මුහුණට නගා ගත්ත ඔලිවර් හිස සැලුවා ම ජන්කුක්ත් ඔහු එක්ක යන්තමින් හිනා වෙලා බිම බලා ගත්තා.

"ප්‍රොෆෙසර් කිම් ඉක්මනින් එන්න කියලා කිව්වා. මම ඔහු එක්ක යනවා"

ජන්කුක් කිව්වම සමච්චල් සහගත ලෙස හිනා උන ඔලිවර් ජන්කුක් ගෙ උරහිස උඩින් අත් දෙක තියාගෙන ජන්කුක් ගෙ ගැඹුරු දීප්ත්මත් දෑස් වලට ඔහුගෙ තැඹිලි පාට දෑස් යොමු කරනකොට ජන්කුක් ගැස්සිලා ගියේ අමුතු බියකින් ඔහුව වෙලා ගන්නකොට.

"ප්‍රොෆෙසර්... ළඟදීම තමුන්ව කුණු කුඩයට විසි කරයි. දැන ගන්න ප්‍රොෆෙසර් ව තමුන්ට ලොකු උනාට , තමුන්ගෙ මහ ලොකු ප්‍රොෆෙසර් ට  තමුන්ව එක ප්‍රොජෙක්ට් එකක පරීක්ෂණයක් විතරයි."

ඔලිවර් ජන්කුක් ගෙ මුහුණ බියෙන් හා ශෝකයෙන් වෙලා ගන්නා අයුරු බලාගෙන සම්ච්චල් සහගත ලෙස මිමිණුවා.

" තමුන්ට වැඩියෙ දියුණු රෝබෝ කෙනෙක් නිර්මාණය කරපු අවස්ථාවක , තමුන් ප්‍රොෆෙසර් කිම් ගෙ වැරදුණු පරීක්ෂණයක අසාර්ථක නිර්මාණයක් විතරයි!!"

__

"ජන්කුක්.... මොනවද කල්පනා කරන්නෙ?"

ටේහ්‍යුන් ගෙ නිවසේ ඇඳ මත දිගා වෙලා හිටපු ජන්කුක් අසලට ටේහ්‍යුන් එන ගමන් අහනකොට ජන්කුක් ඔහුට පිටු පාලා අනෙක් පස හැරිලා ඇස් දෙක වහ ගත්තෙ ඔහු තුල හොල්මන් කරන ඔලිවර් ගෙ වචන ගැන කල්පනා කරන ගමන්.



" ඇමේලියා ගැන නම්, මට කියන්න තියෙන්නෙ ජන්කුක් ඒ ගැන වැඩියෙ වද වෙන්න එපා. එයා එයාගෙ ඩැඩ් ගෙ ගෙදර ගිහින්"

ටේහ්‍යුන් ජන්කුක් ගෙ සිනිදු කොන්ඩෙ අතරින් තමන්ගෙ ඇඟිලි තුඩු යවනකොට ටේහ්‍යුන්ට දැණුනෙ අමුතු සනීපයක්. දෑස් දෙක වසා ගත්ත ටේහ්‍යුන් ජන්කුක් ගෙ හිස කෙස් වල සුමුදු බව විඳිනකොට ටේහ්‍යුන් ට ජන්කුක් ව දකින්න ආශාවක් ඇති උනා. ජන්කුක්ගෙ ශරීරය සම්පූර්ණයෙන්ම නිර්මාණය කලේ ටේහ්‍යුන් විසින් නිර්මාණය කරපු ආකෘතියකට වගේම ටේහ්‍යුන් ජන්කුක් ව ඕනෑවටත් වැඩියෙ දැකලා තිබුනත් , ඔහු තවමත් එක් වතාවක් වත් ජන්කුක් ව ජන්කුක් ලෙස ජීවත් වෙද්දී දැකලා තිබුණෙ නැහැ.


Artificial Intelligence || vkook ✓حيث تعيش القصص. اكتشف الآن