21 කොටස

468 145 68
                                    

කමෙන්ට් ගෝල් 50

ප්‍රොෆෙසර් ඩේවිඩ් ටේහ්‍යුන් ගෙ ඉදිරියට ඡායාරූප කිහිපයක් දමන ගමන් ඔහු සමග සමච්චල් සහගත ලෙස සිනා උනා. සියලුම මහාචාර්යවරුන් සහ ආයෝජකයන් අතර රැස්වීමක් එදින පැවැත්වූ අතර ප්‍රොෆෙසර් ඩේවිඩ් ටේහ්‍යුන් හට චෝදනා කලේ ඔවුන් ගෙ ව්‍යාපෘතියක් වූ ජන්කුක් ගෙන් ප්‍රොෆෙසර් කිම් තමාගෙ ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීමට උත්සාහ කරන වග. ටේහ්‍යුන් පුදුමෙන් ඔහු දෙස බලමින් ඔහුගෙ චෝදනාව ප්‍රතික්ෂේප කරද්දී ඔහු ඡායාරූප කිහිපයක් ඔහු ඉදිරියට දැමුවේ ඇමේලියාගෙ පියා ටේහ්‍යුන් දෙස දවා අලු කරන බැල්මක් හෙලද්දී.

"තාමත් කියන්නෙ , මම කියන්නෙ බොරු කියලද ප්‍රොෆෙසර් කිම්"

ප්‍රොෆෙසර් ඩේවිඩ් සම්ච්චල් සහගත ලෙස මුමුණද්දී ටේහ්‍යුන් ඔහු ඉදිරියේ වූ ඡායාරූපයක් අතට අර ගත්තේ ඔහුගෙ ඇඟිලි තුඩු පවා වෙව්ලද්දී. ඒ ඡායාරූපයේ වූයේ ඔහු සහ ජන්කුක් මුහුදු වෙරලේ සිප ගන්න ඡායාරූපයක්. ඡායාරූප සියල්ලම එකට ගැලපූ විට එහි සිටින්නෙ ටේහ්‍යුන් සහ ජන්කුක් වග ප්‍රත්‍යක්ෂව පැහැදිලි වන හෙයින් ටේහ්‍යුන්ට චෝදනාව ප්‍රතික්ෂේප කරන්නට හැකියාවක් තිබුණෙ නැහැ.

"ඔබ අපිව ලුහු බැන්දද?"

ටේහ්‍යුන් කෝපයෙන් මහාචාර්යවරයා දෙස බලද්දී ඔහු ටේහ්‍යුන්ට පිලිතුරු දුන්නෙ සම්ච්චල් සහගත සිනාවකින්.

"දැන් ඒකද ප්‍රශ්නය ප්‍රොෆෙසර් කිම්. ඔබතුමා අපේ ප්‍රධාන මහාචාර්යවරයා වීමටවත් සුදුසුද?"

ඔහු ටේහ්‍යුන් ගෙන් අහනකොට ටේහ්‍යුන් දෙතොල් සපාගෙන ඔහු දෙස බලාගෙන සිටියා. ඔහු ගෙ පහතට නැඹුරු වූ දෑසින් තමා දෙස අප්‍රසන්නතාවය මුසු වූ බැල්මෙන් බලාගෙන ඉන්න මහාචාර්යවරුන් ඔහු කෙමෙන් අධ්‍යනය කලා.

"මම ජන්කුක්..ව ලිංගික තෘප්තියට භාවිතා කලේ නැහැ. කරුණාකරලා නොදන්නා දේවල් කතා කරන්න එපා ප්‍රොෆෙසර් ඩේවිඩ්!!"

ටේහ්‍යුන් කෝපයෙන් මිමිණුවත් ඔහුගෙ කටහඬ වෙව්ලුවා. එදා සිට ලාබාල මහාචාර්යවරයෙකු වූ ටේහ්‍යුන් ගෙ දියුණුවට ඊර්ෂියා කල ඩේවිඩ් මෙවැනි දේකට පෙලඹුනෙ මන්ද කියන කාරණය වටහා ගන්නට ටේහ්‍යුන්ට එතරම් අපහසු වූයේ නැහැ. එයට ප්‍රධාන හේතුව ඊර්ෂියාව වග ටේහ්‍යුන් දැනගෙන සිටියා.

Artificial Intelligence || vkook ✓Where stories live. Discover now