05 කොටස

666 184 214
                                    

කමෙන්ට් ගෝල් 50

"ඔහ් ජන්කුක් ඇයි මේ හිටගෙන? ඉඳගන්න"

ජන්කුක් සමග සිනාසුන ටේහ්‍යුන් කිව්වා. ලැබ් එකෙ පරණ රොබෝ කෙනෙක් අලුත් වැඩියා කරමින් හිටපු ටේහ්‍යුන් තමන්ගෙ පිටුපසින් කවුරුන් හෝ හිටගෙන ඉන්නවා දැනෙනකොට ඒ පැත්ත හැරුනාම ටේහ්‍යුන් දැක්කෙ තමන් දිහා ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්න ජන්කුක්ව.

පෙරදින රාත්‍රියේ ජන්කුක් එක්ක හොටෙල් එකෙ ගත කිරීමෙන් අනතුරුව ටේහ්‍යුන් උදෑසනම ලැබ් එකට පිටත් උනත් ජන්කුක් ව සැටිය මත පෙරළාගෙන ටේහ්‍යුන් ඔහුව සිපගත්ත විදිය ගැන ජන්කුක් හෝ ටේහ්‍යුන් වචනයක් වත් කතා කලේ නැහැ.


"මෙයාගෙ සිස්ටම් එකෙ පොඩි ප්‍රොබ්ලම් එකක් මතු වෙලා ජන්කුක්. අනික් ප්‍රොෆෙසර්ස්ලා කිව්වේ හදන්න බැරි වෙයි කියලා. නමුත් මම හිතනවා තාම අපිට ඒක කරන්න පුලුවන් කියලා"

ටේහ්‍යුන් රොබෝගෙ හිස් කබල ඉවත් කරන ගමන් ජන්කුක් දිහා හොරෙන් බැලුවේ ජන්කුක් තමන්ගෙ පම්පෝරියට මොන විදියට ප්‍රතිචාර දක්වයිද කියලා දැන ගන්න.

"මේ තියෙන්නෙ එයාගෙ පරීක්ෂණ වාර්තා. ජන්කුක් අරගෙන බලන්න"

ටේහ්‍යුන් ජන්කුක් ගෙ අතට රොබෝ ගෙ පරික්ෂණ වාර්තාව දෙන ගමන් මුමුණන කොට ජන්කුක් කිසිවක් නොකියා ඒක පිළිගත්තා.

__

ඊළග පැය කීපය ගත උනෙ බොහොම නිශ්ශබ්දව. ජන්කුක් ගෙ කෘතිම බුද්ධියට තාර්කිකත්වය එකතු කරලා තිබුනත් ජන්කුක් ට පරීක්ෂණ වාර්තා වලින් වැඩි දෙයක් අවබෝධ කර ගන්න බැරි උනා. ජන්කුක් කරපු එකම දෙය ඉතාමත් අවධානයෙන් රොබෝගෙ සර්කිට් එක පරීක්ෂා කරන ප්‍රොෆෙසර් කිම් ගෙ කඩවසම් මුහුණ දිහා බලාගෙන හිටපු එක විතරයි.

"Excuse me professor"

"ඔහ්. ඔලිවර්? එන්න"

ඔලිවර් එතනට ඇවිදගෙන එනකොට ටේහ්‍යුන් ඔලුව උස්සලා ඔහු එක්ක හිනා උනාම ටේහ්‍යුන් එක්ක පෙරලා හිනා උන ඔලිවර් ජන්කුක් දිහා බැලුවා ම ජන්කුක් ට අපහසුතාවක් දැනුනා. කිසිවක් නොකිව්ව ජන්කුක් බිම බලා ගත්තෙ ඒ නිසයි.


Artificial Intelligence || vkook ✓Where stories live. Discover now