15 කොටස

515 165 67
                                    

කමෙන්ට් ගෝල් 50 (මේක පොන්නුවෙ නැත්තං නම් දෙන්නෑ)

ටේහ්‍යුන් තෘණ පිට්ටනියේ ගහක් යට තියන බංකුවක වාඩි වෙලා ජන්කුක් බැටළු පැටියෙක් සුරතල් කරන අයුරු බලාගෙන හිටියා. නිව් යෝක් වලින් ටිකක් එහාට තියන ගම්බද පළාතක දවසක නිවාඩුවකට ජන්කුක් ව ටේහ්‍යුන් අරගෙන යන්න තීරණය කලේ මහාචාර්යවරුන්ගෙ නිර්දේශය මත. ඔවුන් කිව්ව විදියට ජන්කුක් කියන්නෙ මනුෂ්‍යයෙක් නොවුනත් හැඟීම් දැනීම් වලින් පිරුණු , සංවේදී 'යන්ත්‍රයක්' නිසා ජන්කුක් ට විවේකය කියන දේ අත්‍යවශ්‍ය උනේ නගරයේ කලබලකාරී ඝෝෂා හඩින් ටික කාලයකට හෝ ගැලවීම.

ජන්කුක් ව නිවාඩුවකට යවන්න ඕනෑම කෙනෙක්ව ටේහ්‍යුන්ට තෝරා ගැනීමට හැකි උනත් ටේහ්‍යුන් ඒ ගමනට තමාවම තෝරා ගත්තා. එක් අතකින් ටේහ්‍යුන් ගෙ කලබලකාරී දිවියට දවස් දෙකක අපූරු නිවාඩූවක්. අනෙක් අතින් වැදගත්ම කරුණ , කිසි බාධාවක් නැතිව දවසක් ජන්කුක් සමග ගත කරන්න පුලුවන්.

" ආදරණීය ෆීලාස් ~ ඔයා අතරමං වෙලාද ?"

ජන්කුක් සුදු පාට ලොම් පිරුණු බැටළුවා ට ඔහු දාපු නමින් කතා කලා. ඒ ගිම්හාන කාලය උන අතර ලොම් පිරුණු බැටලුවෙක් දැකීම කලාතුරකින් සිද්ධ වෙන්නක් කියා ටේහ්‍යුන් විශ්වාස කලෙ මේ කාලයේදී බැටළුවන් ගෙ ලොම් කපන නිසා. සමහර විට ඔහු ලොම් පිරුණු සුරතලේට ඇති කරන බැටලුවෙක් වෙන්න පුලුවන්, සමහර විට වල් බැටලුවෙක් හෝ ජන්කුක් කීවා වගේ අතරමං වූවෙක් වෙන්න පුලුවන්. ටේහ්‍යුන්ට බැටලුවන් ගැන දැනීමක් නොතිබුනු නිසා ඔහු අයත් වන්නෙ කුමන කාණ්ඩයටද කියා ඔහුට නිගමනය කරන්නට නොහැකි උනා.


" ෆීලාස් තනියම මෙතන මොකද කරන්නෙ? ඔයා තනි වෙලා නම් පාලු ඇති. හරියට මට දැනෙනවා වගේ. අපි යාළුවෝ වෙමු"

ජන්කුක් බැටළුවා ගෙ හිස අතගාමින් මුමුනනකොට බැටලුවා උගේ මූණ ජන්කුක් ගෙ පපුවේ ඇතිල්ලුවේ ජන්කුක් ගෙ මුහුණට සිනාවක් නැගෙනකොට. ජන්කුක් හැඳගෙන සිටියේ සුදු පාට ටී ෂර්ට් එකක් හා තද අලු පාට කොට කලිසමක්. සාමාන්‍යයෙන් මිනිසුන් ගෙ මෙන් ගිම්හානයේ ඔහුව අව්වට පිච්චී නොතිබුනු නිසා ඔහු වඩා සිව්මැලිව ටේහ්‍යුන්ට පෙනුනා.


Artificial Intelligence || vkook ✓Donde viven las historias. Descúbrelo ahora