18 කොටස

451 162 50
                                    

කමෙන්ට් ගෝල් 50

"ජන්කුක්...!!"

"දෙවියනේ කොහෙද ගියේ?"

මධ්‍යම රාත්‍රියේ මහ වැස්සකින් නිව්යෝර්ක් පුරවරය තෙත් වෙනකොට වාහනයෙන් බැස්ස ටේහ්‍යුන් කිම් නගරය පුරා වීදි දිගෙ පිස්සෙක් වගේ ඇවිද්දා. වතුර ටිකක් බොන්න හිතාගෙන අවධි උන ටේහ්‍යුන් ජන්කුක් නිවසේ නැහැ කියලා දැන ගන්නකොටම ඔහු නිවසින් පිටතට වාහනයත් අරගෙන ආවේ ජන්කුක් ව හොයන්න හිතාගෙන. තාමත් ඔහු රාත්‍රි නිදන ඇඳුම් පිටින්ම යි. 

සීතල මාවත් වලට අඩිය තිබ්බ ටේහ්‍යුන් උන්මන්තකයෙක් වගේ පාරවල් ගානෙ දිව්වා. ජන්කුක් ඔහුට යමක් කරගෙන ඇතියි කියන කාරණය ටේහ්‍යුන්ව බයට පත් කරනකොට ටේහ්‍යුන් ගෙ උමතුව වැඩි වූවා මිස අඩු උනේ නැහැ.  ඔහු කලබල උනෙ ජන්කුක් කියන්නෙ ඔහුගෙ වසර ගණනාවක මහන්සිය නිසාද නැත්නම් ඔහු පිලි නොගන්න වෙනත් හේතුවක් නිසාද කියා තමාගෙ සිතත් සමග වාද කරන්න ඔහුට විවේකයක් ලැබුණෙ නැහැ.


"ජන්කුක්...!!!"

වෙහෙසින් පිරුණු හඩක් නැගුව ටේහ්‍යුන් පැරණි වීදියේ සාප්පුවකට හේත්තු උනෙ වැටෙන මහ වර්ෂාව දිහා බලාගෙන. ඉක්මනින් මහන්සියට පත් උන ඔහුගෙ දෙපා දැඩි ලෙස රිදුනෙ පාවහන් නැති දෙපා සීතලට ගල් වෙනකොට. ඔහු අත් දෙක පපුවට බැඳගෙන සීතලෙන් මිදීමට උත්සාහ කලා.

"යාලුවා... ටිකක් එහාට යනවාද? ඔයා නිසා මගේ තැන තෙමෙනවා"

කටහඩක් ඇහෙනකොට ටේහ්‍යුන් යන්තම් හිස ඔසවා බැලුවා. ඔහු දෙස හිගන්නෙක් යැයි සැලකිය යුතු පුද්ගලයෙක් බලාගෙන ඉන්නවා දකිනකොට ටේහ්‍යුන් ඔහුව නොසලකා හැරලා වෙනතක් බලා ගන්නට උත්සාහ කලත් ඔහු ටේහ්‍යුන් අසලට හිමීට ඇවිත් ටේහ්‍යුන් ගෙ මුහුණට එබුනා.


"යාලුවා හොඳටම තෙමිලා වගේ? නිව්යෝර්ක් වර්ෂාව සීතල වැඩී කියලා දන්නවානේ... මට දැන ගන්න පුලුවන් ද යාලුවා නිදන ඇදුමක් පිටින් මධ්‍යයම රාත්‍රියෙ පාරවල් දිගෙ මොකද කරන්නෙ කියලා."

ඔහු අහනකොට ටේහ්‍යුන් ඔහු දෙස බැලීමට උනන්දු නොවුනත් ඔහු කතා කලා.

Artificial Intelligence || vkook ✓Where stories live. Discover now