20 කොටස

495 144 71
                                    

කමෙන්ට් ගෝල් 50

ජන්කුක් හිටියෙ බීච් එකෙ වාඩි වෙලා. ඔහු පෙර දින රාත්‍රියෙ ජිමින්ව ගෙදරින් පිටමං කරපු එක ගැන ප්‍රොෆෙසර් කිම් එක්ක තරහෙන් වගේම අමනාපයෙන් හිටපු නිසා ඔහු ටේහ්‍යුන් සමග දවසටම කතා කලේ නැහැ. ටේහ්‍යුන් හට ජන්කුක් සමග කලින් දවසක ගියපු බීච් එකටම යන්න අවශ්‍ය වග පැවසූ නිසා ජන්කුක් ටේහ්‍යුන් දුන් ඇදුම් ඇඳගෙන ඔහු සමග ආවත් ඔවුන් දෙදෙනා අතර කතාවක් තිබුණෙ නැහැ. මොහොතකින් පසු ටේහ්‍යුන් ජන්කුක් ව වැල්ලෙ තනි කරලා එතනින් ඇවිදගෙන ගියා.

තනියම හිටපු ජන්කුක් ගෙ ඇස් මුහුදු වෙරලෙ එහෙ මෙහෙ ඇවිදින ආදරවන්තයො දිහාවට යොමු උනා. අයෙක් බැස යන හිරු එලියෙ අත් අල්ලගෙන මුහුදේ රැල්ල පාගමින්ද  ,තවත් අයෙක් සිප ගනිමින්ද , තවත් අයෙක් ක්‍රීඩා වල නිතර වෙමින් හෝ මුහුදේ නාමින්ද සිටියා. ජන්කුක් ට මහා පිරිසක් මැද දැණුනෙ වචනයෙන් විස්තර කරන්න බැරි තනිකමක්.

ඊළග මොහොතේ දී ජන්කුක් ට දැනුනා ඔහු අසළ යමෙක් වාඩි වෙනවා. ඇස් කොනින් ඒ දෙස බැලූ ජන්කුක් දැන ගත්තෙ ඒ සිටින්නෙ ටේහ්‍යුන් වග.

"තරහ වෙලාද?"

ජන්කුක් ගෙන් ප්‍රතිචාරයක් නැති තැන ටේහ්‍යුන් මුමුණන කොට ජන්කුක් කිසිවක් කීවේ නැහැ. ජන්කුක් ඔහු සමග කතා කරන්නෙ නැති වග වටහා ගත් ටේහ්‍යුන් ජන්කුක් ගෙ අත අර ගත්තා. ඊළග මොහොතේ ජන්කුක් දැක්කෙ ටේහ්‍යුන් ඔහුගෙ ඇගිලි තුඩු වලට ගුලි කරගෙන හිටපු රිදී පැහැති මුද්දක් ජන්කුක් ගෙ වෙදගිල්ලෙ පලදවන වග.

ජන්කුක් පුදුමෙන් ටේහ්‍යුන් දෙස බලාගෙන සිටිද්දී ටේහ්‍යුන් ඔහුගෙ ගෙලෙහි වූ රිදී පැහැති මාලය පිටතට ගෙන ජන්කුක් ට පෙන්නුවා. එහි රිදී පැහැති ජන්කුක් ගෙ මුදුව සේම මුදුවක් තිබුනත් , ටේහ්‍යුන් ගෙ වෙදගිල්ලෙ තිබුණු ගිවිස ගැනීමේ මුදුව නොසලකා හරින්නට ජන්කුක් ට කොහෙත්ම නොහැකි වූවා.

"අපේ අසම්මත ආදරය වෙනුවෙන්"

රහසින් මුමුණපු ටේහ්‍යුන් ගෙ දෑස් වල ලියවී තිබුනෙ පසු තැවීමක්. ඔහු ජන්කුක් ගෙ නිල් පැහැති දෙනෙත් දෙස බලාගෙන හීල්ලුවා.

Artificial Intelligence || vkook ✓Where stories live. Discover now