prologue

1.1K 243 113
                                    

"ගුඩ් මෝනින් ප්‍රොෆෙසර් කිම්"

"ගුඩ් මෝනින් නූරා"

ඇමෙරිකා වල සුප්‍රසිද්ධ මහාචාර්ය , Robotics පිලිබඳව ආචාර්ය උපාධිය ලබා ගත්ත ප්‍රොෆෙසර් ටේහ්‍යුන් කිම් , 2023 වර්ෂයේ සිටි දක්ෂතම විද්‍යාඥයන් අතර වූවා. ඔහු කරන ලද ව්‍යාපෘති වල ප්‍රතිපලයක් ලෙස 2018 වර්ෂයේදී ඔහු විසින් සිතා මතා ක්‍රියා කල හැකි , මානුෂීය හැඟීම් වලට සමාන හැඟීම් ජනනය කරන කෘතිම බුද්ධියකින් හෙබි රොබෝවරුන් නිර්මාණය කිරීම පිලිබඳව පර්යේෂණය සාර්ථක වූයේ විද්‍යාවේ විශාල ජ්‍යග්‍රහණයක් ලබා ගනිද්දී. එහි ප්‍රථිපලයක් ලෙස මේ වන විට එසේ සිතා මතා ක්‍රියා කල හැකි රොබෝ වරුන් තුන් දෙනෙකු සාදා ඇති අතර හතර වෙන රොබෝවරයාට තවමත් විද්‍යාඥයන් කන්ඩායම පණ ලබා දී තිබුණෙ නැහැ.

"Im pretty sure, He is the best "

ප්‍රොෆෙසර් කිම් කඩවසම් රොබෝ දෙස බලාගෙන මුමුණන කොට ඔහුගෙ කන්ඩායමත් හිස සැලුවේ ඔහුට එකඟ වෙමින්.

"පරිපූර්ණත්වය සොයා ගිය චාරිකාවේ අවසාන පුරුක ඔහු වේවි"

ටේහ්‍යුන් පැවසුවේ තමන් ගැනම දැනුන ආඩම්බරය සමග.

"හරි. ඕකේ. ප්‍රසිඩන්ට් එන්නෙ කීයටද?"

ටේහ්‍යුන් නූරාගෙන් අහනකොටම එතනට දුවගෙන ආව ෆීමේල් සයන්ටිස්ට් කෙනෙක් කිව්වෙ ප්‍රසිඩන්ට් ඒ වෙනකොටත් ඔවුන් රැස් උන ශාලාවට එකට ඇවිල්ලා ඉවරයි කියලා. ඒ අනුව අලුත්ම රොබෝ ලෝකයට හදුන්වා දෙන්න තීරණය කරමින් වේදිකාවෙ පසුපස සිටගෙන සිටි ටේහ්‍යුන් වේදිකාව ඉදිරියට ඇවිදගෙන ගියෙ ඔහු එනකොට එහි රැස් උන පිරිස අත්පොලසන් දෙනකොට. මීඩියාස් වලින් පිරිලා තිබුණ ඕඩියන්ස් එකෙ ප්‍රසිඩන්ට් ඇතුලු වැදගත් දේශපාලන චරිත වගේම රොබොටික්ස් ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලා ගෙන් ඕඩියන්ස් එක පිරිලා ඉන්නවා දැක්කම ටේහ්‍යුන්ට යම් තිගැස්මක් දැනුනා

ලොකු හුස්මක් අරගෙන පපුව පුරවා ගත්ත ටේහ්‍යුන් තමන් ඉස්සරහ ඉන්න ඕඩියන්ස් එක දිහා බැලුව.

"ගුඩ් මෝනින් එව්රි වන්."

ටේහ්‍යුන් මයික් එක අතට අරගෙන මිමිණුවේ තරමක් සිනාමුසුව. ස්වභාවයෙන් ලැජ්ජාශීලි පුද්ගලයෙක් වූ ඔහු සෑම විටම පාහේ විශාල ජනකායක් මැද නොසන්සුන් වූවා

Artificial Intelligence || vkook ✓Where stories live. Discover now