13 කොටස

611 180 87
                                    

කමෙන්ට් ගෝල් 50

" මට එයාව තනියම ලැබ් එක ඇතුලේ දාලා එන්න බැහැ ඇමේලියා!! තේරුම් ගන්න. ස්විමින් පූල් එකෙ සිද්ද උන දේ ඔයා දන්නවා. මට ඒක ආයෙත් වතාවක් දකින්න උවමනා නැහැ "

ටේහ්‍යුන් කෑ ගැහුවේ ඔහුගෙ දුරකතනය දිහා බලාගෙන. මීටින් එක ඉවර කරලා ජන්කුක් වෙත ඉක්මනින් එමින් හිටපු ටේහ්‍යුන්ට ඇමේලියාගෙන් දුරකතන ඇමතුමක් ආව නිසා ඔහු පිලිතුරු දුන්නේ ඇමතුම විසන්ධි කරන්න බැරි කමට.



" එතකොට ටේහ්‍යුන් කියන්නෙ අදත් නිදහසෙ මට රෑ කෑමකට ටේහ්‍යුන් එක්ක එලියට යන්න බැහැ?"

ඇගෙ කෝපයට පත් කටහඩ ඇහෙනකොට සුසුමක් හෙලපු ටේහ්‍යුන් ඔහුගෙ නලල අතින් සම්බාහනය කර ගත්තා.



"අපි කෑමක් ගෙදරට ඕඩර් කරමු ඇමේලියා"

හිමිහිට මුමුණපු ටේහ්‍යුන් දුරකතනය විසන්ධි කරලා එය සාක්කුවට දා ගත්තෙ ඔහුගෙ හිතට බර ගතියක් දැනෙනකොට. ඔහුට කොහෙත්ම ඇමේලියාත් එක්ක රෑ කෑමකට පිටතට යන්න උවමනාවක් තිබුණෙ නැත්තෙ ඔහුට ජන්කුක් ව තනිවම දමා යන්න අවශ්‍ය නොවුන නිසා. ඔහුට ජන්කුක් ට ලැබ් එකෙ රැඳවීමට හැකි උනත් ඔහුට ජන්කුක් ට දුකක් ගෙන දෙන්න අවශ්‍ය වූවෙ නැහැ වගේම ජන්කුක් ඔහු සමග සිටීමත් ඔහුට සතුටක් උනා.

අනෙක් අතින් ඇමේලියාගෙ බලකිරීම මත ඇය සමග කාලය ගත කිරීම ප්‍රතික්ෂේප කර දමන්නට ටේහ්‍යුන්ට නොහැකි උනා. සුසුමක් හෙලා ලය සැහැල්ලු කර ගත් ඔහු ජන්කුක් වෙත ඇවිදගෙන ගියෙ ඔහුව දැක ගැනීමේ අදහසින්.

තමාගෙ කාමරයට පිවිසෙන විට ජන්කුක් යමක් ලියමින් සිටිනවා ටේහ්‍යුන් දුටුවා. සිනහවක් මුවට නගා ගත් ටේහ්‍යුන් ජන්කුක් අසලට යත්ම ජන්කුක් එක් වරම ඔහු දෙස බැලුවා. ඒ සමගම ඔහුගේ දෙතොල් අතර ඇඳුනෙ නිර්ව්‍යාජ සිනාවක්.


" මොනවද ජන්කුක් ලියන්නෙ ?"

ටේහ්‍යුන් ඇසුවෙ ජන්කුක් ගෙ අතෙ තිබුන පැන්සල දිහා බලන ගමන්. නමුත් ඔහුගෙ ප්‍රශ්නයට පිළිතුරක් නොදුන්න ජන්කුක් ඔහු සමග සිනා වූවා.


" ප්‍රොෆෙසර්.. මම දෙයක් ඉල්ලුවොත් ප්‍රොෆෙසර් ට පුලුවන් ද ගෙනත් දෙන්න?"

Artificial Intelligence || vkook ✓Where stories live. Discover now