10 කොටස

584 173 30
                                    

කමෙන්ට් ගෝල් 50

ඇමේලියා නැවතත් එන විට ජන්කුක් පිහිනුම් තටාකය අසලම සිටගෙන ටේහ්‍යුන් දෙස බලා සිටිනවා දුටු ඇමේලියාගෙ සිතට කෝපයක් දැනෙන්නට වූවා. දොතොල් සපා ගත් ඈ පපුවට දෑත් බැඳගෙන ඔහු දෙස මොහොතක් බලාගෙන සිටියෙ කිසිවක් නොකියා. ඔහු නොසැළී එලෙසම ටේහ්‍යුන් දෙස බලා සිටිද්දී සුසුමක් හෙලූ ඇය ජන්කුක් අසලට ගොස් සිට ගත්තත් ඔහු ඈට අවධානය යොමු කලේ නැහැ.

"කඩවසම් නේද?"

ඈ මුමුණනකොට එක් වරම ගැස්සුන ජන්කුක් ඈ දෙස බලද්දී ඔහුගෙ මුමුණෙ ප්‍රශ්නාර්ථ ලකුණක් ඇඳෙනවා ඈ දුටුවා.


"සමාවෙන්න?"

"කඩවසම් නේද ඔහු. ඒකද ඔහුගෙ පස්සෙන් යන්නෙ?"

ඈ අහනකොට ජන්කුක් කිසිවක් නොකියා ඈ දෙස බලා සිටියේ ඔහුට වේදනාවක් දැනෙනකොට.

"මේ බලන්න ජන්කුක්.. ටේහ්‍යුනුයි මමයි ලබන අවුරුද්දේ මැරි කරන්න ඉන්නෙ. ඉතින් මම හිතනවා ජන්කුක් අපි දෙන්නා අතරින් ඈත් වෙලා තමන්ගෙ තත්වය තේරුම් අරගෙන හිටියොත් හොඳයි කියලා"

ඇගේ කටහඩ තරමක් උස් වෙද්දී කීප දෙනෙක් ඔවුන් දෙස බලමින් ගියත් ටේහ්‍යුන්ට හෝ ඔහු සමග සිටි ඩේවිඩ් ට හෝ ඔහුගෙ බිරිඳට තවමත් ඔවුන්ව ඇසුනෙ නැත්තෙ ඔවුන් යමක් ගැන සාකච්චා කරමින් සිටි නිසා.


"ඇයි?"

ජන්කුක් අහනකොට තමා සමගම සිනා සුනු ඇමේලියා "දෙවියනෙ" කියලා මුමුණන ගමන් බිම බලා ගත්තා.

"තමුන් එයාට කැමතියි? නේද? මේ බලනවා. ඒ ඉන්නෙ මගෙ පෙම්වතා සහ තමුන් වැඩකට නැති රොබෝ කෙනෙක් විතරයි. මෙමරි චිප් එකකුයි හාඩ් වෙයි සොෆ්ට් වෙයා එකතු කරලා හදපු යකඩ ගොඩක් උන තමුන්ගෙ යි , ලැප්ටොප් එකකයි වෙනස මට කියනවාද?"

ඈ කෑ ගහනකොට ටේහ්‍යුන් ඒ දෙස බැලුවේ ඔවුන්ටත් ඇගෙ කටහඬ ඇසුණු නිසා. ඇමේලියා ජන්කුක් ට බැන වදිනවා දුටු ටේහ්‍යුන් නිකන්ම ඔහු ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටෙ ඔවුන් වෙතට යන්න.

"මට... ආදරය කරන්න පුලුවන්"
ජන්කුක් මිමිණුවා.

"වට්?"

Artificial Intelligence || vkook ✓Where stories live. Discover now