16 කොටස

502 156 55
                                    

කමෙන්ට් ගෝල් 50

" මම දන්නවා. මම දන්නවා. මැරි කරනකම් මට එයත් එක්ක නිදා ගන්න ඕනෙ නැහැ ඒ උනාට "

ටේහ්‍යුන් දුරකතනයට කෑ ගැහුවේ ඔහුගෙ සිතට දැඩි කෝපයක් දැනෙනකොට. ඇමේලියාගෙ පියාගෙ බලකිරීම මත ඇමේලියා හා ටේහ්‍යුන් විවාහ ගිවිස ගත්තෙ පවුලෙ අයට පමණක් ගිවිසගැනීමෙ උත්සවයට ආරාධනා කරමින්. ටේහ්‍යුන්ට පවුලක් නොසිටි නිසා ටේහ්‍යුන් ගෙ පැත්තෙන් කවුරුත් ආවේ නැතත් ඇමේලියාගෙ නෑදෑ පිරිවර පැමිණ සිටිහෙයින් එය ඇමේලියාගේ පවුලෙ පවුල් සාජ්ජයක් වගේ උනා.

එය උදෑසන කාලයෙ පැවතූ වත් ටේහ්‍යුන් ඔහුගෙ නිවසට එනකොට සවස් යාමයත් උදා වෙලා තිබුනා.

" මට ටේහ්‍යුන් වෙන ගෑණු ළමයෙක් එක්ක නිදා ගත්තා කියලා අහන්න ඕනෙ නැහැ"

ඇමේලියාගෙ පියා ටේහ්‍යුන්ට තදින් කියද්දී ඔහුගෙ මුහුණට සම්ච්චල් සහගත සිනහවක් නැගුනේ නිරායාසයෙන්මයි.

"මට පොරොන්දු වෙන්න පුලුවන්. මම වෙන 'ගෑණු ළමයෙක්' එක්ක නිදා ගන්නෙ නැහැ"

ටේහ්‍යුන් කියනකොට ඇමතුම විසන්ධි උනාම ටේහ්‍යුන් ගෙ සිතට සහනයක් දැනුනා. තමාටම යමක් මුමුණා ගත්ත ටේහ්‍යුන් හිමිහිට ඔහු හිඳගෙන සිටි තැනින් නැගිට ඔහුගෙ නිදන කාමරය වෙත ඇවිදගෙන ගියේ කල්පනාවට වැටිලා. නිදන කාමරයෙ දොර විවෘත කරපු ටේහ්‍යුන් ඇඳ මත ගුලි වී සිටින ජන්කුක්ව දැක්කා. ඔහු නිවසට ආ වෙලාවේ පටන් ජන්කුක්ව මග හැරි නිසා එදා දවසටම උදේ වරුවෙන් පසු ජන්කුක් ව දුටු පළමු වතාව එය වූවා.

ජන්කුක් ගෙ දෑස් වැසී තිබුණු අතර ඔහු නින්දට වැටී මෙන් පෙනෙන්නට තිබුනත් ටේහ්‍යුන් දැන සිටියා ජන්කුක් ට නිදා ගැනීමට නොහැකි වග. කිසිවක් නොකී ටේහ්‍යුන් ජන්කුක් ගෙ අත් අතර තිබුණු ' පිනෝකියො ' පොත දෙස බැලුවා. එය ටේහ්‍යුන් ගෙ මව ටේහ්‍යුන්ට කුඩා කාලයේදී අරන් දුන් පොතක් නිසා ඔහුගෙ මව මිය ගිය පසුත් ටේහ්‍යුන් එය තමා සමග තබා ගත්තත් ජන්කුක් එය සොයාගෙන තිබුනා. ජන්කුක් ගෙ ඔළුවට ආ සුරඟන රැජින පිලිබඳ කතාන්තරයට වගකිව යුත්තෙ 'පිනෝකියො' වග දැන සිටි ටේහ්‍යුන්ට පිනෝකියො ගැන දැනුනෙ තරහක්.

Artificial Intelligence || vkook ✓Where stories live. Discover now