"පේන විදියට.... සල්ලි තියනවා වගෙ"
ඔහු තමාටම මුමුණා ගත්තෙ ඔහුගෙ සියුම් අධ්‍යයනයෙන් පස්සෙ.

"ඒක නෙවෙ.. තමුන්ගෙ නම මොකක්ද කිව්වෙ?"

ඔහු තදින් අහනකොට ජන්කුක් ඔහු දෙස අහිංසක විදියට බලලා හිනා උනා.

"ජන්කුක්"

"ජන්කුක්..!! හොඳයි. අඳුනා ගන්නකො මම ජිමින්. දැන් කියනවා තමුන්ට මොන වගෙ දෙයක්ද ඕනෙ?"

ජිමින් ජන්කුක් දෙස බලන ගමන් අහනකොට ජන්කුක් ජිමින් එක්ක අහිංසක විදියට හිනා උනෙ ඔහුගෙ බලාපොරොත්තු උතුරන නිල් පාට ඇස් වලින් ජිමින් දිහා බලන ගමන්.


"සුරඟන රැජිනව හම්බවෙන්න. ජිමින් එයාව අඳුනනාවාද?"

ජන්කුක් අහනකොට ජිමින් ඔලුවට අත තියා ගත්තෙ ජන්කුක් තාමත් ඔහුට විහිළුවක් කරනවා කියලා හිතාගෙන.

"මේ බලනවා. මම කාර්යබහුල මනුස්සයෙක්. විකාර කියන්නෙ තමුන්ට ඕනෙ දේ ඉක්මනින් කියනවා"

ජිමින් ජන්කුක් ගෙ ඇගට කඩාගෙන පනිනකොට ජන්කුක් ගැස්සුනත් ජන්කුක් ගෙ බලාපොරොත්තු පිරිණු ඇස් දෙක දැක්ක ජිමින් ගෙ හිත මොහොතකට උණු උනා. ජන්කුක් ගෙ ඇස් වල තිබුණෙ අඩන්න ලං උන පෙනුමක්.

කිසිවක් නොකිව්ව ජිමින් එහෙමම බිම බලාගෙන ටිකක් කල්පනා කලා.


"ඒක නෙවේ තමුන් ඇත්තටමද සුරඟන රැජින ගැන කියන්නෙ"

ඔහු අහනකොට ජන්කුක් හිමීට ඔලුව හෙලෙව්වෙ ජිමින් පුදුමෙන් ඔහු දෙස බලාගෙන ඉන්නකොට. ජිමින්ට දැණුනෙ මුලු ලෝකෙටම පිස්සු හැදිලා වගේ.

"සුරඟන රැජින හම්බවෙන්න යන්න තමුන් පොඩි එකෙක්ද?"

ජිමින් සම්ච්චල් සහගත විදියට ඇහුවේ ජන්කුක් තොල් උල් කරගෙන ඔහු දිහා බලනකොට.

"එතකොට ජන්කුක් ට පුලුවන් ඇත්ත මනුස්සයෙක් වෙලා ප්‍රොෆෙසර් ව මැරි කරන්න. එතකොට ප්‍රොෆෙසර් ජන්කුක් ට ආදරය කරන්න පටන් ගනී"

ජන්කුක් ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳෙනවා බලාගෙන හිටපු ජිමින් ටිකක් වෙලා කල්පනා කලෙ ජන්කුක් කිව්ව තේරුම් ගැනීමට අපහසු ප්‍රකාශය ගැන.

Artificial Intelligence || vkook ✓Where stories live. Discover now