30 chapter ❤️

2.7K 396 57
                                    

"" අනේ..ගිහාන් මන් මොනවද බන් කරන්න ඕනි ආ...""

"" මට තෙරෙන්නෙත් නැ බන්. ෆෝන් එකෙන් නෙවෙයි එයාව හම්බවෙලා කතා කරන්න යශ් .. කෝල් වලින් කතා කරලා ප්‍රශ්න විසදන්න මොකො උබලා හොරෙන් ලව් කරන උන් නෙවෙයිනේ බන්..'"

"" හ්ම්ම් හරි එහෙනම් .. හැමෝම කියන නිසා . අවසන් වතාවට මන් එයාට අවස්තාවක් දිලා බලන්නම්.. හැබැයි අවසාන වතාව ගිහාන්..මේ සැරෙත් එයා මාව එලවගත්තොත් එහෙම මන් මොනවා කරයිද දන්නෑ බන්..""""

"" හරි කොල්ලෝ.. අපි බලමුකො මොකද වෙන්නේ කියලා ..ඔක්කොටම කලින් උබ කතා කරලා ඉදින්කෝ..."""

කොච්චර කල්පනා කරත් කරන්න ඕනි මොනවද කියලා නොතෙරෙද්දී මන් උදේම කෝල් එකක් ගත්තේ ගිහාන්ට.. වජිරට කම්පැනි වැඩක් නිසා ඌ ෆුල් බිසි නිසා ගිහාන්ට ගත්තේ අදහසක් ගන්න..

'' හ්ම්ම්.. මන් හවස්වෙලා කෝල් එකක් ගන්නම්..""

"" උබ කෝල් ගන්න ඕනි නැ අපි දෙන්නා එන්නම් හවසට ගෙදර ..."""

උ එහෙම කියලා කෝල් එක කට් කරද්දී අතේ තිබුන ෆෝන් එකත් සැටියට දාලා හොද හුසමක් ගත්තේ කාලෙකින් හිතට අමුතු සතුටක් දැනෙද්දී ... හ්ම්ම්..අපි එහෙනම් මුනගැගිලම කතා කරමු දේව්.. වැරදි කරේ ඔයා උනත් කමක්නැ ඔයා සාමාවගන්නේ නැත්නම් මගේ ආදරේ මගේ ජිවිතේ වෙනුවෙන් මන් එන්නම් ඔයා ලගට .. ඉතින් එතනින් පස්සෙවත් අපි සතුටින් ඉමු ...

****************

අම්මාගේ මලගෙදරට පස්සෙම චුටිවත් අම්මාවත් නොදැක්ක නිසා .. එහෙ යන්න ඕනි කියලා හිතෙද්දි මන් වොශ් එකක් දාගෙන අතට අහු උන කොට ශොටට කලු ට් එකක් දාගෙන පහලට ගියේ දේව්ලගේ ගෙදර යන්න.. ඒත් කාර් එකේ ගමන් වලට මන් ටිකක්වත් කැමති නැති නිසා ටැක්සියක් අරගෙන එහෙ යන්න ගියේ එද්දී මට මගේ බයික් රාජයාගේ එන්න පුලුවන් නිසා..

පැය බාගෙකට විතර පස්සේ ඒ තරමක් විශාල ගේට් එක ලගින් වාහනේ නතර කරද්දී ඩ්‍රයිවට සල්ලි දිපු මන් ගේට එක ලගට ඇවිත් විනාඩිගානක් ඇතුලට නොයා හිටගෙන හිටියේ එදා සිද්දියෙන් පස්සේ මන් මෙහේ එන පලවෙනි වතාව නිසාටත් වඩා ඒ ගේ ඇතුලෙදි මට වෙච්ච අසාදාරනය ආයේ ආයේත් එකින් එකට් මතක් උන නිසා .. ඒ රැවටිම මතක් වෙද්දී හිතට දැනුනේ ආයේත් කලකිරිමක් ..අමාරුවෙන් හදාගත්ත හිත ආයෙත් සැරයක් විහෙන්ම පාරගත්තාදෝ කියලත් හිතුනා..

Beating Heart (Complete  )Waar verhalen tot leven komen. Ontdek het nu