1 chapter ❤️

8.9K 577 25
                                    

"""පුතා ඉක්මන් කරන්න පරක්කු වෙනවා...""

"""අනේ මට බැ අම්මා මේක කරන්න ...මොන කරුමයක්ද මේ...."""

""""බැ කියලා බැහැනේ පුතා.. දන්නවනේ තාත්තගේ හැටි... එයා කිව්වොත් කිව්වම තමයි ..."

""""මොකක්ද අම්මා.. මේ වගේ දෙයක්වත් අපිට ඕනි විදිහට කරන්න බැරිද ..???"

"""මට කරන්න දෙයකුත් නැ පුතා.. එයා කවදාවත් මන් කියන දෙයක් අහපු කෙනෙක් නෙවෙයිනේ ... ""

"""''ශික්.. ඇත්තටම මන් මැරිලාවත් යන්නේ නැහැනේ .... ඇයි ලොකු ඔයත් මාව මේ අමනුස්සයෝ ලග දාලා යන්න ගියේ...""

සුදු මල් මාලයක් දාලා ලොකුවට බිත්තියේ එල්ලලා තිබුන මගෙ ලොකුගේ ෆොටෝ දිහා බලාගෙන මටම කියාගත්තේ එයා හිටියා නම් මට අද මෙහෙම වෙන්නේ නැහැනේ කියලා හිතෙද්දි ..ඔව් ඒ මට හිටිය එකම සහෝදරයා ඒත් මීට අවුරුදු දෙකකට කලින් නොසිතූ වේලාවක සිදු උන ඇක්සිඩන්ට් එකකින් එයා මාව දාලා සදහටම යන්න ගියා..එදා තරම් මගේ ජිවිතේ පහලට ඇද වැටුන තරම් දන්නේ මම විතරයි ...එදා ඉදලා පටන් ගත්ත මේ සෙල්ලක්කාර ජිවිතෙ අදින් පස්සේ මොනවා වෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ..

ජිවිතේට දැකලාවත් නැති මනුස්සයෙක්ව කසාද බදින්නේ මොන මිනිහද...ඔව් මට එහෙම කරන්න වේලා..ඊටත් වඩා පිරිමියෙක් ..මුන් මාව කොලුකාරයෙක් කරලනේ දෙයියනේ ... මට මේක නොකර ඉන්න ඕනි උනත් මට බැ එහෙම කරන්න ..ජිවිතේ මගේ උනාට එක අයිති අපේ තාත්තටලු...ඔව් ඉතින් එයාගේ දනය බලය යටතේ මුලු පලාතක්ම හොල්ලන්න පුලුවන් එකේ මන් කවුද ....මගේ තාත්තා රටේ ප්‍රසිද්ධ ඇමති වරයෙක්..නමින් නලින් පෙරෙරා ... එතකොට මම එයගේ චුටි පුතා යශ්...එයා කොහොමත් කරන්නේ මහා අමර වැඩ කියලා මන් දන්නේ පොඩි කාලේ ඉදලම ..එත් මන් ඔවට ඇගිලි ගහන්න යන්නේ නැ..කොච්චර නීතිකාරයා උනත් මන් දන්නවා එයා මට ගොඩක් අදරෙයි ... එත් එයා තිරනයක් ගත්තොත් ඒක වෙනස් කරන්න කාටවත්ම බැ...මම ඕනිවට එපාවට ලැස්ති උනේ තාත්තාගේ කීමට කාවද දැකලාවත් නැති නොදන්න මනුස්සයෙක් ව ජීවන සහාකාරයා කරගන්න ....

ඇයි අප්පා මටම මෙහෙම වෙන්නේ.. මගෙ ලස්සන නිදහස් ජිවිතේ අදින් ඉවරයිවත්ද?..නැ නැ එහෙම වෙන්න දෙන්න බැ මේ යශ් ගේ ජිවිතේ තියෙන්න ඕනි මට ඕනි විදිහට මිසක් කොහෙවත් ඉන්න උන්ට ඕනි විදිහට නෙවෙයි ...

Beating Heart (Complete  )Where stories live. Discover now