9 chapter ❤️

3K 464 13
                                    

නාගෙන ඇවිත් ඇදුමක් දාගත්ත මන් ගෙදර අයටත් නොකියාම මගේ බයික් එකත් අරන් පාරට ආවේ කරන්න යන දේ හරියාවිද කියන දෙගිඩියාවෙන් ..
එහෙමම හන්දිය ලගට ඇවිත් මග බලන් හිටියේ අරුන් දෙන්නා එනක්ම්.. විනාඩි දහයක් විතර යද්දි ගිහානගේ වාහනේ ඈතින් පෙනෙද්දිම උන්ටත් හෝන් එකක් ගහාගෙනම මන් ඉස්සර උනේ උන් දේන්නත් මගේ පස්සෙනම වාහනේන් එද්දී .   කිලෝමීටරයක් විතර දුර ගිහින් කව්රුත් නැති තැනක බයික් එක නතර කරපු මන් හෙල්මට් එකත් ගලවලා බැහැලා ගිහින් පාර අයිනේ තිබුන බේන්ච් එකක වාඩි උනේ..අරුන් දෙන්න පාර අයිනක කාර් එක නවත්වලා මගෙ ලගට එද්දී ...

****************

""""දැන් එතකොට උබ කියන්න හදන්නේ ඌ ඔය බීගෙන කියෙව්ව රහස හොයාගන්න ඕනි කියලද ....??"""

සිද්ද උන හැමදෙයක්ම සාවදානයෙන් අහන් හිටිය ගිහාන් ඇහුවේ වජිරයත් මගෙ දිහා බලද්දී   ......

"""නැතුව උබලා කියන්නේ මට ඒක අමතක කරලා දාන්න කියලද බන්..""

"""ඉතින් බන් ඌ එක වෙරිමරගාතේ කිව්ව විකාරයක්ද දන්නැහැනෙ..අනික ඌ ඉන්න විදිහට නම් ඌට හන්ගන්න රහසක් තියා ඌට රකින්නවත් දෙයක් නැ කියලා බලන උන්ට පෙන්නේ  ..""

මෙතෙක් වෙලා නිහඩව හිටිය ව්ජිර කියද්දි ..

"''''මන් දන්නෑ බන්. ඒක ඇහුව වේලාවේ ඉදලා මගේ ඔලුව යාකාගේ කම්මල වගේ බන්.. මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි...""

කොන්ඩෙන් ඇදගෙන මන් කියද්දි

"""හරි හරි බන්.. කලබල වෙන්න එපා .  අපි කොහොම හරි ඒක හොයාගමු.."'

ගිහාන් ස්තීර හඩින් කියද්දි

""ඔව් බන්.. අම්මාගේ බඩේ ඉන්න කාලේ ඉදලම ගේම් ගැහුව අපිට ඕවත් වැඩද කොල්ලෝ..."""

වජිරයා සීරීයස් මූඩ් එකකින් කියද්දි මට හිනා ගියේ අනේ අපි නොදන්න ඌගේ ගේම්.  යන යන තැන වැඩෙ දේල් කරගෙන තමයි නතරවෙන්නේ ...😁

"""දැන් කොහෙන්ද පටන් ගන්න ඕනි..""

ඒ ගිහාන්

"'''මන් දන්නෙත් නැ බන්..ඉස්සෙල්ලම දවස් දෙක තුනක් එයාව ෆලෝ කරලා බලමූ... '''

Beating Heart (Complete  )Where stories live. Discover now