16 chapter ❤️

2.9K 440 26
                                    

ගියාද ඉගිලුනාද කියලාවත් හිතාගන්න බැරිවෙද්දි මන් පැයක් යන්න කලින් එයාගේ ගෙදර ඉස්සරහා බයික් එක නතර කරද්දී .. ඒකෙ සද්දෙටද මන්දා චුටි වගෙම අම්මත් එලියට ආවේ එකටම..

"""අනේ චුටි අයියා තමුසේ හරි හොද නැ හලෝ..කොයි ලොකේද හිටියේ.  අයියට බාගෙට පිස්සු හැදිලා හිටියේ තමුසෙ නිසා..""

"""පුතා ඔයා හොදින් නේද ..?""

දෙන්නම එක දිගට අහද්දි ඒවාට උත්තර දෙන්න තරම්වත් උවමනාවක් නොවෙද්දී

""අනෙ දෙන්නට මන් පස්සේ උත්තර දෙන්නම් .. මට ටික වේලාවක් දෙන්න ඔයාගේ අර මහා ලොකු අයියත් එක්ක කතා කරන්න..""

කියලා මන් ආවේ..එයාලගෙ ප්‍රශ්න වලටත් වඩා මට එයාව දකින්න ඕනි උන නිසා.. දුවගෙන රූම් එක ලගට ආව මන් හිමින් සැරෙ දොරත් ඇරගෙන ඇතුලට එද්දී ඇතුලේ කව්රුත් නැති නිසාම වොශ් රූම් එකෙත් බැලුවා ඒත් නැ. බැල්කනි එකේ ලයිට් එක දාලා නොතිබුනත් කාමරෙන් වැටෙන එලියට යාම්තාක් දුරට පෙනෙද්දි මන් බැලුවේ කො එයා කියලා .. බලද්දී සුදු යකඩ වැටට අත්දෙකත් බරකරගෙන හිස් හැගීමකින් අදුරු අහස දිහා බලන් ඉන්න  එයාව දකිද්දී හිතට දැනුනේ මන් කරපු දෙ ගැන කලකිරිමක්.

"""මොකද තමුසේ ආවේ.. ගිය රෙද්දක ඉන්නේ නැතුව ..""

බැල්කනි හිටිය එයා මන් එනවා දකින්න ඇති..දකින්නම ඕනි නැ මගෙ දඩුමොනරගෙ සද්දෙ ඉතින් අහල ගම් හත අටකට ඇහෙන එකෙ මෙයා නොදැන ඉන්න විදිහක් නැහැනේ ...

"" මොකක් හරි දෙයක් ඇහුවම උත්තර දෙන්න පුරුදුවෙනවා ඔක්කොටම කලින්. "'

කලින් තිබුන තරහව එ ඇස් වල දන් නැ එත් මොකක්දෝ කියාගන්න බැරි හැගිම් ගොඩක් ඒ රලු මුහුනේ ඇදිලා තියනවා දකිද්දී දුකක් දැනුනා..මාවාගත්ත තරහකින් එයා කියද්දි මට හිනා ගියේ දැන් පැයකට විතර කලින් මට කැ ගහාගෙන ආව මිනිහා නේද කියලා මත්කවෙද්දි .  ඇත්තටම මු ගිය ආත්මේ කටුස්සෙක් හරි වෙස් මාරු කරන හැපින්නක්වත් වෙලා හිටියද මන්දා ඒ තරම් සැරි සැරෙට වයර් මාරු වෙනවා..
.
"""මන් ආවේ මගේ ගෙදරට .. ඇයි ඔයාට ප්‍රශ්නයක්ද ..?..""

මාත් ඒ විදිහටම ඇහුවේ.. රන්ඩුවෙලා රන්ඩුවෙලා ඇතිවෙලා නිසා.. තවත් නම් රන්ඩු වෙන්න බැ කියලා හිත කැ ගහලා කියද්දි ..

Beating Heart (Complete  )Where stories live. Discover now