27 chapter ❤️

2.6K 398 28
                                    

මරනය කියන දේ කොයි මොහොතේ මොන විදිහකින් අපි ලගට එවිද කියන්න කව්රුත් දන්නේ නැ..අද හොදට හිනාවෙලා සතුටින් ඉන්න අපි හෙට වෙද්දී මේ ලොකේ ජිව්ත්වෙලා ඉදිද කියලාවත් විශ්වාසයක් නැතිවෙද්දි ..දවස් තුනක් ගෙදරට වෙලා නිසලව හිටිය  මගෙ අහින්සක  අම්මත් මාව දාලා යන්නම යද්දි අඩි හයක් පොලව යට එයා තනියම තනිවෙද්දි දැනුනේ මටත් ඒ වලටම පැනලා මැරිලා යන්න.. ඒත් මන් කොහොමද එහෙම කරන්නේ තාමන්ගේ  මැරෙන වේලාව ඒක නෙවෙයි නම් අපි කොච්චර බලෙන් මැරෙන්න උත්සාහ කරත් මොකකින් හරි අනිවාර්යයෙන්ම අපි බේරේනවා..

"" අනේ ලොකු.. ඇයි ඔයාලා හැමෝම මාව මෙහෙම තනිකරලා දලා යන්න ගියේ දෙයියනේ ... මගේ කියලා කව්රුත් නැතුව මන් කොහොමද දෙයියනේ ඉන්නේ.. ඔයලා හරි නපුරුයි ලොකු ඕනිම කාලේ ඔයලා හැමෝම මව තනිකරලා දැම්මා .. ප්ලීස් දෙයියනේ පුලුවන් නම් මාවත් ඔයාලා ලගට ගන්න.. වදින්නම් ලොකු මට මෙහෙම ඉන්න බැ..  ""'"

කාමරේ තිබුන ලොකුගේ ෆෝටො එක ලග එයාගේ තනියට අම්මත් එකතුවෙලා ..ඒත් මන් තනිවෙලා මට කව්රුත් ම නැතිවෙලා කියලා දැනෙද්දී පවා දැනුනේ ලොකු හිස් බවක්..තමන්ගේ අය අපිව දලා යද්දි දැනෙන වේදනාව ඔයාලටත් දැනිලා ඇති.ඒක වචන වලින් මෙහෙමයි කියලා විශ්වාස කරන්න බැරි තරම් වේදනාවක් ... 

""" යශ් .. වොශ් එකක් දාන්න වරෙන් කොල්ලො.."

රූම් එකේ ලයිට් එකවත් නොදා  බිම වාඩිවෙලා ලොකුගේයි අම්මාගෙයි ෆෝටෝ දිහා බලාගෙන ඔහේ කදුලු හලද්දි ගිහාන් ඇවිත් කියද්දි මන් ඌ දිහා බලද්දී දැනුනේ ලොකු දුකක්..හැමදේට දුවලා පැනලා කරලා උන්ටත් මහන්සි ඇති..ඒත් ඌ එක පෙන්නන්නේ නැ..මට ඕනි උනා පොඩි හරි උදව්වක් කරන්න ඒත් මට නැගිටගන්නවත් පනක් නැ වගේ..මන් නිකන් දැනටම ඇවිදින මලමිනියක් ගානට වැටිලා..ජිවිතේ වැටෙන්න පුලුවන් අන්තිම අඩියටත් මිනිහෙක් වැටුනම ඒක කොහොමද දැනෙන්නේ කියලා මට මේ දවස් දෙක තුන ඇතුලත හොදටම දැනිලා තිබුනේ..

"" උබ ටිකක් වාඩිවෙලා හිටපන් බන් මන් වොශ් එකක් දාගන්නම්..කරපු උදව් මදිවටද බන් මගේ දේවලුත් කරන්නේ..ඇත්තටම උබලා දෙන්නා නැත්නම් මෙලහකටත් මාත් අර වලටම පැනලා බන්..මන් උබලා දෙන්නටම ජාති ජාතිත් නයගැති බන්.. """"

Beating Heart (Complete  )Where stories live. Discover now