14 chapter ❤️

2.7K 450 20
                                    

සදේ මන් කේසේ කියන්නේ
හිතේ තියන ඒ ආදරය
මා මන් මත් කෙරූවා කියා
ඔබ දුටුදා..

නේතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවේලා දුර ගියා..
පේම් වර්ශා වහී මා තේමා..
සිත් සන්කා නීවෙ ය.....

දෑස් පියන් සින්දුවට සම වැදිලා හිටිය මන් එක්වරම දැස් ඇරලා බැලුවේ එකපාරටම සින්දුව නතර උනේ ඇයිද බලන්න .. බලනකොට එක්කෙනෙක් ඉන්නවා අමුතු මූනක් දාගෙන ඇදට වෙලා.. මේ රෑ නලා මුනට වැටුන තෙත කොන්ඩෙත් එක්ක තාමත් ටවල් පිටින් ඉන්න එයා දකිද්දී හිත ඇතුලේ කරන්ට් එකක් වදිනවා වගේ දැනෙද්දී මන් එ සැනින් එයාගේ වතින් දෑස් මුදවා ගත්තේ දැනුන ලැජ්ජාවට වෙන්න ඇති

""ඇයි ඒක ඔෆ් කරේ.."'

එයා දිහා බලන් අහද්දි

""නිකන් ..  ""
එහෙම කියපු එයා ගිහින් ඇදුමක්වත් නොඇද මේසේ උඩ වහලා දාලා තිබුන බත් එකත් අරගෙන ඇවිත් ඇදෙන් වාඩිඋනේ මට කවන්න කියලා හිත දන්නවා උනත් මන් නොදැක්කගානට දෑස් පියාගත්තේ හිතුවක්කාර කමටම වෙන්න ඇති..

"""කෝ.. මෙහෙට එනවා බත් කන්න. බෙහෙත් බොන්නත් තියනවා නේද ආ..""

සැරින් නැතත් ටිකක් සද්දෙන් එයා ඇහුවත් මන් තාමත් දැස් පියාගෙන ඉද්දි

""'මන් දැන් සැරයක් කිව්වා යශ්.. තමුසෙට ආයේ සැරයක් පිගන් කරු අහුලන්න ආසයි නම් ඔහොම ඉන්නවා නැත්නම් ම...""

එයා කියලා ඉවරකරන්නත් කලින්ම දෑස් ඇරලා බලපු මන් බිත්තිය අයිනෙ ඉදලා එයා ලගට ගිහින් කකුල් දෙකත් පහලට දාලා වාඩි උනේ එයා කට කොනින් හිනාවෙලා බලද්දී

""ඔච්චර බය උනොත් ඇති..."'

""අනේ මේ බයට නෙවෙයි ආවේ.. අපරදේ කෑම නාස්ති කරන්න එපා කියලා මට අපේ අම්මා කියලා තියනවා .."''

""ඇත්තට.. එහෙමද ආස...??""

එහෙම කියපු බත් කටක් අනලා මගේ කටට ලන් කරද්දී ..කෑවෙ නැත්නම් ඉතින් පිගන් කටු කන්න වෙන බව දන්න නිසාම කට ඇරලා බත් කට කෑවේ එයා හිනාවෙද්දී .. විනාඩි ගානකින් මුලු බත් එකම කැව්ව එයා

""ම්ම්. මේ වතුර එක බිලා බෙහෙත් ටික බොන්න මන් අත සෝදගෙන එන්නම්...""

Beating Heart (Complete  )Tahanan ng mga kuwento. Tumuklas ngayon