22 chapter ❤️

2.5K 405 7
                                    

තාත්තාගේ වැඩ නිසා දවස් දෙකක් ගතවෙලා ගියේ නොදැනිම .. එක දවසක් ගෙදර ඉන්නවා කියලා නතර උනාට දන්නෙම නැතුව දවස් දෙකක්ම ගෙවිලා ගියේ තවමත් තාත්තගේ ප්‍රශ්න හරියාකාරව විසදිලා නැති නිසා.. එදා කතා කරාට පස්සේ එයා අයේ කතා කරෙත් නැ. මන් කෝල් ගත්තත් අන්ස්වර් නොකරද්දි මන් ආයේ ගන්න ගියේ නැත්තේ මන් ඔහොම නෙවෙයි කොහොම කෝල් ගත්තත් එයා අන්ස්වර් නොකරන බව දන්න නිසාමයි ..

""පුතා ඔයා යන්නද..??""

හොදටම හවස් වෙලා තියෙද්දි මන් ලැස්ති උනෙ අදවත් දේව්ලාගේ ගෙදර යන්න කියලා .. දැන් ඉතින් ඇති මුන කලු කරගෙන එයා... මන් අම්මා දිහා බලද්දී එයත් ඉන්නවා මුන අදුරු කරගෙන .. මේ දවස් දේකේම තාත්තා වගේම එයාත් හරියට කෑමක් නොගත්තේ හිතුවේවත් නැති විදිහට මේ ප්‍රශ්න ගොඩ එන්නම බැරිවෙන්නම දුර දිග ගිහින් තාත්තා මෙච්චර කාලයක් කරපු වැරදි වැඩ සේරම දවසින් දවස එකින් එකින් එක එලියට එද්දී ..... පබගාලක පැටලුනා වගේ හැගීමක් දැනෙද්දී මන් බැලුවේ අම්මා දිහා

""" ඔව් අම්මා.. දවස් දෙකක්ම යන්න බැරි උනානේ.. අද ගිහින් එන්නම් ...""

"" හ්ම්ම්. ඔයා යන්න පුතා කලින් වගේ ඔයාට හිතුන හිතුන දේ කරන්න බැහැනේ ඔයාට දැන් වගකීම් ගොඩාක් තියනවා .. පව් ඒ දරුවත් අවුලෙන් ඇත්තේ ...""

බොරු හිනාවක් මාවාගෙන එයා කියද්දි මට කරකියාගන්න දෙයක් නැතිඋනා.. ගෙදර ඉන්නත් ඕනි ඒත් දේව් එහෙ තනියම ඉද්දි මට මෙහෙට වෙලාඉන්නත් බැ.. මොනවා කරන්නද කියලා නොතෙරෙද්දී

""දැන් ඉස්සරහට මොකද වෙන්නේ අම්මා..."""

""අනේ මන්ද පුතා.. අනිද්දා මාධ්‍ය සාකච්ඡාවක් තියනවලු.. එකේන් පස්සේවත් මේවගෙන් ටිකක් හරි නිදහස් වෙන්න තිබුනොත් ඇති පුතා. මට නම් මේ ජිවිතේ එපාවෙලා තියෙන්නේ .. """

"" බලමුකෝ අම්මා.. අපි මොනා කරත් මොනා කිව්වත් වැඩක් නැ අම්මා. තම තමන් කරපු කුසල් අකුසල් අනුව හැමදෙයක්ම වෙයි.. වෙනදෙයක් වෙනකම් බලාගෙන ඉන්න තමයි වෙන්නේ අපිට.... """

"" මට තෙරෙන්නෙත් නැ පුතා.. එයා කොහොමද මෙච්චර වැරදි වැඩ කරේ චුටි..."'

Beating Heart (Complete  )Tempat cerita menjadi hidup. Temukan sekarang