12 chapter ❤️

3K 445 26
                                    

උදේම ඇහැරුන මන් තවමත් එයාගේ පපුවට තුරුල්වෙලා ඉන්නවා දකිද්දී දැනුන සතුට කියාගන්න බැරි තරම් වෙද්දී... බිත්තියේ ගහලා තිබුන ඔරලොසුවෙන් වේලාව බලද්දී උදෑසන හතත් පහුවෙලා තියනවා දකිද්දී පුදුමෙන් කල්පනා කරේ මේයා මොකද කවදාවත් නැතුව වැඩට නොයා මේ තරම් වෙලා මගේ ලගට වෙලා කරන්නේ කියලා .. නිදාගෙන ඉද්දි නම් හරි අහින්සක පාටයි..ඒත් ඉතින් මේකා ඇහැරිලා ඉද්දි තනිකරම බොම්බයක්නේ..විනාඩි ගානක් එයාගෙ මුන දිහා බලාගෙන ඉද්දි

""මන් කොහොමත් ගොඩාක් හැන්ඩ්සම් කියලා දන්නවා .. ඒත් ඔහොම බලන් හිටියොත් නම් මට තමුසේ ඉන්නේ අමාරුවෙන් කියලාත් අමතක වෙයි...."""

එක් ඇහැක් ඇරගෙන කට කොනින් හිනා උන එයා කියද්දි මගේ මුලු වතම ලැජ්ජාවෙන් හිරිවැටිලා යද්දී මන් ඉක්මනින් එයාගෙන් ගැලවිලා අයින් උනත්.. ආයෙත් ඇදිලා ගිහින් නැවතුනේ එයාගේ පපුව මත

""ඔහොම ඉන්නවා .. කොහෙද දුවන්නේ.... තමුසෙගේන් ඈත්වෙලා හිටියා ඇති මැනික ..

ඉස්සරහට මොන දේ උනත් මන් ආයේ තමුසෙගෙන් දුරස්වෙන්නේ නෑ.. තමුසෙට ගහන් බනින හැම වේලාවෙම තමුසෙටත් වඩා මන් විදවනවා යශ් ඒ නිසා දැන් ඇති....

අදින් පස්සේ තමුසේ මගේ විතරයි වෙන ගෑනු එක්ක එහෙම හැම්&%#න්න ගියොත් එහෙම මන් නරක මිනිහා කියලා කියන්නත් එපා...""

සැරෙන් නැතත් සද්දෙන් කිව්ව එයා මගේ නලල මතින් හාදුවක් තියද්දී ඉබේටම මගේ දෑස් පිය උනේ.. නොකිව්වත් ඒ වචන ඇතුලේ තියන දාරාගන්න බැරි තරම් ආදරේ මුලු වතපුරා තියන නහරයක් නහරයක් පාසා ගමන් කරද්දී ..

"""අම්මටහුඩු... සොරි හොදේ සීන් එකට බදාවක් උනා නම්. ..''

එක්වරම දොර ලගින් ඇහුන හඩට මන් ගැස්සිලා ගිහින් එයාගෙන් ඈත් වේලා බලද්දී දොර ලග හිටියේ අයාන්. දැනුන ලැජ්ජාවටත් එක්ක එයා දිහා බැලුවත් කිසිම ගානක් නැතුව හිටිය එයා

"""අපෝ තෝත් ඉතින් කඩාපනින්නේ ඔය වගේ වෙලාවක තමයි ... ඉදලා ඉදලා ලව් කරන්න ගත්තා මදැයි.. ""

""සොරි සොරි මචන් .. කවුද දන්නේ මෙතන වැඩිහිටියන්ට් පමනයි ෆිල්ම් එකක් යනවා කියලා . අනික ඉතින් ඕවා කරන්න ඕනි දොරවල් වහාගෙන මිසක් බාගෙට ඇරගෙන නෙවෙයි නේ. ""

Beating Heart (Complete  )Where stories live. Discover now