23 chapter ❤️

2.4K 394 14
                                    

තවත් දවස් දෙකක් නොදැනිම ගෙවිලා ගියේ..තාත්තාගේ මාධ්‍ය හමුවට වගේම නඩුවත් තියන දිනයත් ලන්වෙද්දි.

එක පැත්තකින් තාත්තාගේ ප්‍රශ්නේ තවත් පැත්තකින් දේව්ගේ .. මන් හරිය්ට ගිරේට අහු උන පුවක් ගෙඩිය වගෙ ඒ දෙන්නටම මැදිවෙලා විදවනවදෝ කියලත් හිතුනා..

එකක් ඉවරවෙද්දි තවත් ප්‍රශ්නයක් එනවා කියන්නේ බොරුවට නෙවෙයි කියලා මට මේ දවස් ටිකේ සිද්ද උන දේවල් වලින් තේරුනා...
දේව්ගේ හැසිරීමත් වෙනදා වගේ නොවෙද්දී මන් ඔලුවත් විකාර කරන් කල්පනා කරේ ඉස්සරහට මොනවා වෙයිද කියලා ...

හෙට තියන නඩුවෙන් පස්සේ තාත්තා ගැන යාම්තාක් දුරට හෝ නිවරදි කිරීමක් කරන්න පුලුවන් උනොත් එයා හිරේ යන එකෙන් බේරේවි..ඒත් බැරි වේලාවත් එයාගේ නීර්දෝශී බවට කිසිම සාක්ශියක් ඔප්පු කරගන්න බැරි උනොත් හෙටින් පස්සේ එයාට සදහටම හිරබත් කන්න වෙයි.. ඒක මතක් වෙද්දිත් දෑසට කදුලක් ඉනුවෙ මොනවා උනත් ඒ මගේ තාත්තානේ කියලා මතක් වෙද්දී ..පුතේක් විදිහට මන් කොහොමද එහෙම දෙයක් බලන් ඉන්නේ..ඒත් මට එයා වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න බැරිවෙද්දි දැනුනේ ලොකු අසරනකමක්...

**************

උදේම ඇහැරුන මන් ඇදුමක් දාගෙන ලැස්ති උනේ.. උසාවියට යන්න... දේව් බැලුවත් එයා රූම් එකේ නැති නිසා මන් ෆෝන් එකයි වොලට් එකයි මගේ හෙල්මට් එකයි අරගෙන රූම් එකෙන් යන්න යද්දි එක්වරම මාවත් තල්ලුකරගෙන ඇතුලට ආවේ දේව්.. ඒත්.. ඒ ආව එයා මාව ඒ පපුවට තද කරලා තුරුල් කරගද්දි සතුටු වෙන්න ඕනි උනත් ඒ බදාගැනිම ගැන මගේ හිතේ ඇති උනේ කියාගන්න බැරි බයක්.. අතේ තිබුන හෙල්මට් එක ලග තිබුන පොඩි මේසෙ උඩින් තිව්ව මන්

"" දේව්.. මොකද මේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද ...?? ""

මන් කලබලෙන් ඇහුවත් එයා කිසිම දෙයක් නොකියද්දි දැනුන බය දෙගුන තෙගුන උනේ සැනින්..

"" බයකරන්නේ නැතුව කතා කරන්න දේව්.. ප්ලීස් .. මට බය හිතෙනවා ඔයා ඔහොම ඉද්දි .."'

මන් එයාගෙ ඉරහිසට දෑත් තියලා මිදෙන්න හැදුවත් මට හෙලවෙන්නවත් බැරි විදිහට එයා මාව තව තවත් තුරුල් කටගනිද්දි.. මාත් සද්ද නැතුව ඒ පිට පුරා දෑත් යවා තුරුල් කරගත්තේ හිතට මොකක්දෝ මූසල හැගීමක් දැනෙද්දී

Beating Heart (Complete  )Where stories live. Discover now