26 chapter ❤️

2.7K 416 34
                                    

"" යශ්..මොකක්ද උනේ බන්..""

ගිහාන් කියපු දේට මගේ හුස්මත් හිරවෙනවා වගේ දැනෙද්දී බිම ඉන්දවුනේ ඉබේටම.. මට දැනුනේ කවදාවත්ම දැනිලා නැති මහා මූසල කමක්.. වජිර මගේ ලගට එද්දී සිද්ද උන දේ නොදන්න දේව් පවා බයවෙලා බලන් හිටියේ මගේ දිහා

""අනේ.. වජිර..අ..අම්මා... """

මට කියාගන්න බැ..අනේ අම්මා හැමෝම මව දාලා යද්දි ඔයත් මාව දාලා යන්න ගියේ කොහොමද අම්මා..

"" යශ් අම්මට මොකද ...මොනවද වෙලා තියෙන්නේ අඩන්නේ නැතුව කියපන් මැනික..මොකද වෙලා තියෙන්නේ ..."""

එයා මන් ලගට ඇවිත් අහද්දි දැනුනේ මරාගෙන මැරෙන්න තරම් කේන්තියක් .. දෙයියනේ මේ හැමදෙයක්ම එයා නිසා නෙවෙයිද..?? එයා කරපු දේවල් නිසා නෙවෙයිද  ...?? ඇයි දේව් ඔයා මට මෙහෙම කරේ... අහ්හ්.. ඇයි දෙයියනේ මට මෙහෙම කරේ.. මන් අඩද්දි ආයේත් සැරයක් ෆෝන් එක රින්ග් වෙද්දී  වජිර කෝල් එක අන්ස්වර් කලා.. එහා පසින් ඇහුන දේට එයත් මන් වගේම කලබල උනා කියලා ඒ මුනේන්ම පෙනුනා..

"" වජිර මොකක්ද වෙලා තියෙන්නේ ..??""

"" ආන්ටි නැතිවෙලා දේව්..""

""දෙයියනේ මොනවද මේ උනේ පුතේ..අපි දැන් මොකද කරන්නේ..""

එයත් කලබල වෙද්දී දේව්ගේ අම්මා ඔලුවේ අත ගහාගත්තේ සිද්ද උන දේ ගැන පසු තැවීමෙන් උනත් මට ඒයලා ගැන ඇති උනේ දරාගන්න බැරි කේන්තියක් වගේම කලකිරීමක්..

"" මාව එතනට එක්ක පලයන් වජිර.. ප්ලීස් බන්.. මන් මැරෙයි යකෝ.. එයා විතරයි මට හිටියේ ඒත් එයත් මාව දාලා යද්දි කොහොමද බන් මන් ජීවත්වෙන්නේ...'''

කතා කරගන්න වචන පවා පැටලෙද්දි මන් කලින්ටත් වඩා ඉකි ගගහා ඇඩුවේ තවත් මේ ලොකේ මට කව්රුත් නැහැ නේද කියලා මතක්වෙද්දි දැනුන අසරනකමට..

"" හරි බන් යමු.. මේ වගේ මිනිස්සු ඉන්න තැනක උබ තව එක විනාඩියක්වත් ඉන්න ඕනි නැ..කව්රු නැතත් උබට උබේ යාලුවෝ දෙන්නා ඉන්නවා යශ් .. උබ තනිවෙලා නැ රත්තරන් ...""''

ඒ වචන මට ලොකු හයියක් වෙද්දී මන් ඉදගෙන හිටිය තැනින නැගිට්ටෙත් වජිරගේ උදව් ඇතිව වෙද්දී .. එයා මන් ලගට ඇවිත් අතකින් අල්ලගත්තේ මෙච්චර කාලයකට එයා ගැන නොදැනුන තරහකටත් වඩා ලොකු කලකිරීමක් ඇතිවෙද්දි ..

Beating Heart (Complete  )Waar verhalen tot leven komen. Ontdek het nu