🌪️ ම්ම්...අපි ඉස්සරහටම යමුද...

🌱 මට යන්න ඕන...

💧 මේ මැජික් ගුහාවේ කෙලවර බලා ගන්න මටත් ඕනෙ...

🔥 ඔයාලා යනවා කියන්නෙ අනිවා මාත් එනවා....හී....යමුකෝ...

අපි හැමෝම අත් අල්ලන් ටික ටික ඉස්සරහට ගියා....පාට පාට ගිනි පන්දම් වල එලියෙන් වටේම ආලොකමත් වෙලා තිබ්බේ....හුස්ම ගන්න හඩ පවා ඇහෙන නිහඩ තාවයක් එතන තිබ්බේ...

🌪️ අපි ගොඩක් වෙලා ඇවිද්ද...

🌱 ඔව්....ඉස්කොලෙ භූමිය පහු කරලා වෙන්න ඕන දැන් ඉන්නේ...

🔥 කව්ද හිතුවෙ ඉස්කොලෙ යට මෙහෙම එකක් ඇතු කියලා...

🌱 ඉස්කොලෙ ඉතිහාසෙවත් මෙහෙම පාරක් ගැන නෑ...

💧 මේක කවුරුත් නොදැන හිටිය එකක් වෙන්නැති...

🌪️ ඔයා කියන්නේ මේ මුලු කාලෙටම මේකට ආව මුල්ම කට්ටිය අපිද...

🔥 වෙන්නෝනේ...

💧 අර මොකෙක්ද...

මම කෑ ගැහුවේ නිල් පාට පුන්චි එලියක් දැකලා....අපි ඉස්සරහට යන්න යන්න ඒ පුන්චි පුන්චි එලි එන්න එන්න වැඩි උනා....ඒ පුන්චි එලිත් කොල,නිල්,සුදු,රතු පාට...අපිට ගොඩක් උඩින් තිබ්බ ඒ එලි අපි තව ටිකක් ඉස්සරහට යද්දි පාත් උනා...

🔥 වාව්...දිලිසෙන සමනල්ලු...

ඔව්....ඒ හිටියෙ පාට පාට දිලිසෙන සමනල්ලු....මීට කලින් අපි කවදාවත් උන්ව දැකලා තිබ්බෙ නෑ....උන් අපි ගාවටම ආවා...
සුකී කැරකි කැරකි සමනල්ලු අල්ලන්න ගත්තා...එකපාර එයාගේ මූන වෙනස් උනා...

🌪️ සූ....ප්‍රශ්නයක්ද...

🔥 නෑ නෑ....මේ සමනල්ලු...කොල සමනල්ලු හරිම සනීපයි නිල් උන් සීතයි සුදු උන් ඉක්මන්ට අතුරුදහන් වෙනවා රතු උන් රස්නෙයි...

💧 නිකම්...ගස් වතුර හුලං ගින්දර වගේ...

🌱 අපිත් ඇලිස් වගේ පුදුම ලන්තෙකටවත් ඇවිත්ද...

🌪️ වෙන්නත් බැරි නෑ....

🔥 යාහ්...මේ මෝඩ ගුහාව ඉවර වෙන්නෙ කවද්ද අප්පා...

සුකී කෑ ගැහුව හඩ උමගේ දෝංකාර දුන්නෙ නෑ....ඒ කියන්නෙ පාර ලගයි...

🌱 ලමයි...මට හිතෙන්නෙ උමගෙ කෙලවර ලගයි වගෙ...

ඉමා කියනවත් එක්කම අපි ඉස්සරහින් මතු උනේ සත්තු හතර දෙනෙක්..
ගුම්හියෝ කෙනෙක්...
අයිස් මකරෙක්...
වායු මොනරෙක්..
ගිනි කුරුල්ලෙක්...(ෆීනික්ස් කෙනෙක් නෙමෙයි)

🌱 මොකා...මේ මිත්‍යා සත්තුනේ...

💧 ඇලිස් ආවෙත් මෙහෙට වෙන්න බැයිද...

ඒ එක්කම ඒ සත්තු හතර දෙනා අපිව උස්ස ගත්තා...

ඒ එක්කම ඒ සත්තු හතර දෙනා අපිව උස්ස ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Four Spirit Where stories live. Discover now