♦️ හේයි...මිස්ටර් ඩෙරික්...මිස් යුමී කෝ..

🐺 ආ...මේ ඉන්නෙ යුමී...යුමී මේ ඉන්නේ මිකී...එයා ඔයාව ඔයාගෙ වෝඩ් එකට එක්කන් යයි...

💍 හරේ...ඒනම් කොල්ලො..අපි ගියා..

🐺 බායි යුමියෝ....

ඩෙරික් ගියාට පස්සෙ මන් මිකීගේ පැත්ත හැරුනා...මිකී නම් චූටි මී කෙල්ලෙක් වගේ...හරිම කියුට්...

♦️ ඔයා නේද මිස් යුමී...මම මිකී..

💍 මිස් මිස් කියන්න එපා අනේ...

♦️ හරී ....මොනා උනත් ඔයා හින්දා මන් දැන ගත්තා මගෙ ක්‍රශ් එකට මගෙ නම මතකයි කියලා....

💍 ක්‍රශ් එක...

♦️ ඩෙරික්...මේ හොස්පිටල් එකේ ගොඩක් කෙල්ලන්ගෙ ක්‍රශ් එක..

ඒක අහපු පාර නම් මට ඉන්න තැනත් අමතක වෙලා බකස් ගාලා හිනා ගියා..

♦️ ඇයි ඔයා හිනා වෙන්නේ....

💍 ඔයා කියන්නේ අර ඩෙරික්...

♦️ ඔව් අනේ...ඔයා ගොඩක් හැන්ඩ්සම් අනික එයා ගොඩක් කරුනාවන්ත ඩොක්ටර් කෙනෙක්...එයා ගාවට එන ඕනම පේශන් කෙනෙක් යන්නේ එයාට ආශිර්වාද කරලා...වයසක පේශන්ලට එයා සලකන්නෙ තමන්ගේ දෙමව්පියන්ට වගේ....

💍 වාව් ...පොඩි කාලේ කලිසම තෙමාගත්ත කොල්ලා මේ තරම් දෙයක් කරයි කියලා නම් මන් හිතුවේ නෑ....

♦️ ඔයා එයාව දන්නවද...

💍 ඔව් අනේ....ඒ මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්...

♦️ ඔයා නම් වාසනාවන්තයි..

💍 ඕකගෙන් තියන වදේ මමනෙ දන්නේ....

අපි දෙන්නා හිනා වෙවී ඉස්සරහට ගියා...







නාදුනන ප්‍රදේශයක....
නාදුනන තරුනියක්....
සොහොන් කොතක් මත...

අදුරු පාලු මූසල සොහොන් පිටියට සොහොන් කොතක් මත හිද ගෙන සිටි ඇය රූමත් තරුනියකි...

කඩදාසියක් මෙන් සුදුමැලි වූ හමක් ඇති ඇගේ වයින් රතු පාට තොල් තදින් පියවී තිබිනි...ඇගට හිර උන තද කලු පැහැ අත් නැති ගව්ම දන හිස ලග සිට පලා තිබිනි..

"මම පලිය ගන්නවා අයියේ....
මම ඔයාව නිදහස් කරගන්නවා....
උරුමක්කාරයගේ ලේ සුවද මට හොදට දැනෙනවා...අමාවක දවසෙ ඉදන් මට එයාව ලුහුබදින්න පුලුවන් වේවී..."

ඒ තරුනිය ගස් වල වසා සිටි ලේ පැහැ දෑස් සහිත වවුලන් දෙස බැලුවාය.

"අමාවක දවසේ රෝහල් වලට ගේන හැම රෝගියෙක්ගෙම ලේ බීලා දානවා....
අමාවකට ඔයා අතින් මිනිහෙක් මැරුනොත් මට හොදට ඔයාගේ ඉව දැනෙනවා..මට දැනෙනවා...ඔයා වෛද්‍යවරියක්...."

හදිසියේ එතනින් දිවූ සුදෝ සුදු හා පොව්වෙක්ව ඇය ක්ශනිකයෙන් අතට ගත්තාය...

නොගැහෙන නමුත් උනුසුම් ලැමට හා පැටවා තුරුලු කරගත් ඇය හිමිට උගේ ගෙල සිපගෙන තොල් වලින් පිටතට නෙරා ආ දිගු දත් වලින් හාවාගේ ගෙල සිදුරු කරේ හීන් හඩක් නගා හාවා නිසල වන විටයි...
දිවෙන් තොල් දෙක පිස දැමූ ඇය හා කුණ ඉවතට දැමුවාය.








😻හේයි ගායිශ්....

ඔන්න වෙනසකටත් එක්ක වෙනස් කතාවක් ගෙනාවා..

මේකේ ඩ්‍රැකියුලා ගැන තියන ඔක්කොම මම හිතපුවා හොදේ...

Princess Dracula Where stories live. Discover now