4️⃣2️⃣වන් කොටස🦇️

1.3K 369 198
                                    

මහත්තයා......

මං ඇහෙන නෑහෙන ගානට එයාට මිමිනුවා......එයා නිදි..........

නව වෙනිදට ඉර පායලා ඇති.....මේ අන්දකාර ගුහාවෙ පුස් ගද ඇරුනම...අන්දකාරෙ ඇරුනම....පාලුව තනිකම ඇරුනම වෙන මොකුත්ම නැති වෙනකොට රැයෙන් බාගයක්ම අඩපු මාව දාලා යන්නබෑ කියපු....එයාගෙ දරුවව දාලා යන්න බෑ කියපු අවසානෙදි ඇස් දෙක පියා ගත්තා ....ඒ උනත් සැරින් සැරේම ගැස්සි ගැස්සි ඇහැරුන් එයාව නොදරුවෙක් හා සමානවම මම නිදි කරවලා මම නිදි මැරුවා.....

..ඉතින්....අද නව වෙනිදා....මම හුස්මගත්තට දැනටමත් මැරිලා......ජීව්තේ  ....බැදීම් මේ හැම එකක්ම.දුකක් කියන එක මම තේරුම් ගත්තෙ අදක ඊයෙක නොවුනත්....පන වගේ ආදරේ කරපු කෙනෙක්ව මැරෙන එකයි....මරන එකයි දෙකක් වෙනකොට මට මැරෙනවට වඩා....මරනවා කියන දේ වේදනාවක් දුන්නා....


උඹ ගියහම මම කොහොමද ඉන්නෙ මහත්තයා .....මට සමාවෙයන් රත්තරන් මං....තීරනයක් අරන් ඉවරයි...........හොදම දේ...උඹගෙයි...මගෙයි....ආදරේ ලකුන.....අම්මා තාත්තට දීලා...උඹ එක්ක එන එක...මිනිස්සු මට බනීවී....ඒත්.....මේ ප්‍රශ්නෙ ඇතුලෙ ඉන්නෙ මම මිසක්....උන් නොවෙනකොට මම ජීවත් වෙන්නෙ කොහොමද මගෙ වස්තුව ......


මගෙ පුංචි කූලන්....පුංචි දොස්තර මහත්තයා....පුංචි දැලි ඇතිලිය .....


හෙටින් පස්සෙ කවදාවත් මේ දේවල් කියන්න උඹ නෑ කියලා.දැනෙනකොට මට මැරෙන්න හිතනවා මගෙ රත්තරනේ.......අනේ...උඹ ගියහම මම කාගෙ මුනෙද දැලි ගාන්නෙ....ඈ ඒයි...මේ ඒයි ගගා කාගෙ පස්සෙන්ද මම යන්නෙ...... ...යසයි මහත්තයා යසයි කියන්නෙ....මං කාටද දෙවියනෙ.......


මගෙ සුරංගනා .....එතකොට වරත්තු පූස....අපි හැමෝම උඹ නැතිව අසරන වෙන්වා නේද මගෙ මහත්තයා .......

රෑ එලිවෙනකන් තුරුල් කරගන්න..මං ඇහැරෙයි කියලම එකම දශමෙකින් වත් හෙලවෙන්නෙ නැතිව මට පන වගේ ආදරේ දුන්න උඹ කොහොමද මිනිමරුවෙක් වෙන්නෙ මහත්තයා....අනේ එහෙම නෑ...එහෙමනෑමගෙ රත්තරන් උඹ එහම නෑ කියන්න අපිට ඔප්පු කරගන්න බැරි උනා......අපිට ඔප්පු කර ගන්නබැරි උනා...උන් උඹට වද දීලා....තිරිසනෙක්ට අන්ත විදිහට වද දීලා...උඹ මේ වද වේදනා ඉහිලුවෙ කොහොමද මහත්තයා.....


COUNT    D R A C U L A ✅Where stories live. Discover now