2️⃣2️⃣වන කොටස🦇️

1.6K 425 92
                                    

කුරුලු පිහාටු පුරවපු බරම බර බ්ලැන්කට් එක ඇතුලෙ තවමත් නිරුවතින් උන්න මම නින්දෙම්ම එයාගෙ උනුසුම හොයාගන එහා පැත්තට හැරුනා....

ඒත්..........ඇද හිස් .. .....එයා කෝ....?? ......

නින්දෙම්ම ඇද අතපත ගෑවමට ඇදේ හිස්  ඉඩේ උනුසුම විතරක් අල්ලට දැනෙනකොට මම ඇස් දෙක ඇරියා.....

අපෙ...එක්..කෙනා.......

බරම බර බ්ලැන්කට් එක නිරුවත් පපුව ගාවට  වෙනකම්ම උස්ස ගත්තු මම ඇස් දෙක ඇරගන්නවත් බැරි තරම් නිදිමතේ ඉදන් එයාට කතා කෙරුවා උනත් එයාගෙන් කිසිම සද්දයක් නැති තැන අමු හෙලුවෙම්ම ඇදෙන් බිමට බැස්සා......

සීතලයි.......

නිරුවත් යටි පතුල් පොලවට තියනවා එක්ක දැනුන සීතල ඇගම හිරි වට්ටවනකොට රැයක් එලිවෙනකම්ම අපේ කාමරේ ඇලස්කාවක් කරපු ඒසීඑක අවසානෙදි හති අරින ගමන් උන්නා.....

මං දන්නෙ නෑ එයාට නිදාගන්න කොට ගල්වෙන තරමට සීතල ඕනෙ.......එයාට ඒක කොයිතරම් ඔරොත්තු දුන්න උනත් මගෙ දත් කට පූට්ටු වෙලා යන නිසාම මම උන්නෙම එයාගෙ ඇගට යටවෙලා ගුලි වේගන ......මුලු කාමරේම ඇලස්කාවක් මැව්වා උනත් එයාගෙ පපුව මැද තනිකරම විසුවියස් ගිනි කන්ද වගේ......උනුසුම් ......ඇත්තටම මං ඒ උනුසුමට පුදුමාකාර තරම් ලෝභයි ......

ඇගේ නූල් පටක් වත් නැති මම හෙමින් හෙමින් ජෙනේලේ ගාවට ගිහින් ජනෙල් තිරේ ඇගිලි තුඩු වලින් ඈත් කරලා බැලුවා........

ඔලිම්පස් කදු මුදුනෙන් පායගන ඉර ඈතෑන්ස් බිමට අලුත් දවසක් ගේනකොට ඈතම ඈතින් පේන එයාගෙ මිදි ආකරේ වැඩකරන මිනිස්සුන්ව ඇහැට නොපෙනෙන කූඹි ගානට පෙනුනා....

ඉරටත් කලින් වැඩට ඇවිදින්......

වස්තුව .......

මහ...ත්තයා........

සීතල නැතිද....ම්ම්ම්ම්

බද වටා එතුන අත් දෙක.....බෙල්ල පිටිපස්සට තිබ්බ හාදුව එක්ක මගෙ කල්පනාව එයාගෙ මිදි ආකරෙ වැට උඩින් පැනලා මා ගාවට එනකොට මං එහෙම්ම එයාගෙ ඇගට හේත්තු උනා....

ලාජ්ජාවක් නැති මගෙ පුංචි දැලි ඇතිලිය ....

ම්හුක්.....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now