0️⃣4️⃣ වන කොටස🦇️

2.5K 557 152
                                    

මං හිතන්නෙ......අර කියපු විදිහටම මගෙ නරක කාලෙ ලබන්න වගෙ යන්නෙ....ඉපදෙනකොට හදන හදහනෙ " පිංවත් කුමරා" කියලා ලිව්වට මොකද අනේ අපි ඇවිත් මහ මූසල මිනිස්සු.....

වැඩක් නෑ අනේ.....අද උදෙ වැඩට  යන්න යනකොට හූනෙකුත් චුක් චුක් ගෑවෙ මේක තමයි....දැන් ඉතින් මේ සාතන්ට හචිමක් ගියත් මම එන්න එපැයිනෙ.....අපරාදෙ මට තව ඉහලට ඉගන ගන්න තිබුනෙ එහෙම උනානම් මම   මනුස්සයගෙ ස්වසන පද්දතියම ගෙදර අරන් යනවා ....

දැන් තමුන්ට බඩ ගිනි කිව්වා නේද....

ම්හුක්.....

ඔන්න අනේ මේ ලමයට දැන් හරියට තරහා යන්න යන්නෙ...තමුන් තමුන් ගාන්නෙ නම කියපන්කො...නම බැරි නම් අඩුම ගානෙ ඩොක්ටර් කියපන්...බැජ් එකේම උන්න ටොපාටනෙ මේකා මෙහෙම  ටෝක්ස් දාන්නෙ...කමක් නෑ...උඹට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා කියලා ප්‍රාර්තනා කරපන් කූලන් මහත්තයො....මොකද ....මට හිතුනොත් උඹව යවනවා කෙලිම්ම මෝචරියට ..තාම මේ සීන්ගෙ හැටි දන්නෙ නෑ....

මොනවද කුටු කුටු ගාන්නෙ....

න්න්...මෙ...කෝ..මේ..මම.....???

.............???

පිස්සුද අනේ...මම මොනවා කුටු කුටු ගාන්නද......

හිතේ තිබුන තරහව මටත් නොදැනි කටින් පිටවෙනකොට  එයා මට සැරකෙරුවා ...පෙනේද මට සැරකරනවා...මේකගෙ ගෙදර ඉන්න නිසානෙ මේ ඔක්කොම හැබැයි එන තරහවට මේකගෙන් මටඇල්වතුර උගුරක් වත් බොන්න හිතෙන් නෑ තරහ ගියොත් විටමින් සී පෙත්තක් කාලා වතුර ටිකක් බීලා කාර් එකේම නිදා ගන්නවා තොගෙ බත් එක තෝම කාපන් කියලා ඒ උනාට අර මනුස්සයො මහන්සිවෙලා හදන කෑම පව්...බෑ කිව්වොත් හිත් රිදෙනවනෙ......

කුටු කුටු ගෑවා ඇති නම් යනවා....

එයා ආයම මට සද්දයක් දානකොට යන්න හදපු මම ආයම නැවතුනා....නැවතිලා ඇස් දෙක හීනිකර ගත්තා ....මොකද මටත් දැන් තරහා ගියා....මම එයාට ගරු කරනවා නම්...ඇයි එයාට බැරි...

යන්ග් මාස්ටර් නිකුලස් කොපර්නිකස්.......

නිකලස්....

ආන්නරයිට් .....දැන් ඔයාට නිකලස් වෙනුවට නිකුලස් කියනකොට තරහ යනවා නේ...අන්න ඒ වගේ...මටත්....එනවා යනවා...කනවා...මොනවද මේ වචන.....මෙහෙමයි....ඔයා මාව දන්නෙ නෑ..මම ඔයාව දන්නෙත් නෑ....මම ඔයාගෙ ෆැමිලි එකේ ඩොක්ටර් ඔයාට මට මගෙ නම කියන්නත් බැරි නම්....ඔය එනවා යනවා කනවා බොනවා නවත්තන්න...ගරුත්වෙ ලබන්න කලින්...ගරුත්වෙ දෙන්න පුරුදු වෙන්න මාස්ටර් කූලන්.......

COUNT    D R A C U L A ✅Where stories live. Discover now