3️⃣5️⃣වන කොටස🦇️

1.4K 382 70
                                    

ජින්වුයා..   අතෑරපන් එයාව අතැරපන් මිනිහෝ....අතෑරපන් කිව්වම අහලා.....

දරුවෙක් ලැබෙන්න ඉන්න එකත් අමතක උන මම සිරින්ජර් එකක් අරන් එයාගෙ අතට මොනවා හරි විදපු ජින්වුයාව බිම පෙරලගන මූන පුරවලා ඇනපු ඇනිලිවලට බලන් ඉන්නකොට ඒ සුදු මූන දම් පාට පැල්ලම් මතු උනා...

මට කියපන්...මට කියපන්....මට කියපන් උඹ එයාට මොකක්ද විද්දෙ මට කියපන්....මං උඹව මරලා හිරේ යනවා මට කියපන්......

එතන තිබුන පොපි මල් හිටවපු මල් පෝච්චිය අතට ගත්තු මම ඔලුවට අතාරින්න හදන ගමන් කෑ ගහනකොට මම බලාගන එයාට මොකුත් කතා කරගන්න බැරිව එයා ඔහේ ඉන්නවා ඒ උනත් එයාගෙ ඇස්වලින් කදුලු වැක්කෙරෙනවා 

 

සීන්.....සී....න්...කලබල....වෙන්න...එපා...සීන්..

කලබල වෙන්න එපා...උඹ කියන්නෙ මට කලබල වෙන්න එපා කියලද....ආ...උඹ මගෙ මනුස්සයට ඉන්ජෙක්ශන් කෙරුවෙ ඵෝමලීන් උනොත් ඒත් මම කලබල නොවී ඉන්න ඕනෙද ......

සී.....න්න්න්....සීන්...මේ අහන්න....

අහන්න...අහන්න...මොනවද අහන්න ඕනේ.....කිල්ගාරා ............!!!!!!



මගෙ ගාවට එනගමන් සීන් අහන්න අහන්න කිව්වා උනත් මේ වෙනකොට මගෙ ඉවසීම මගෙන් පැනලා ගිහින් තිබුනා වගේම මම එයාගෙ කිල්ගාරට බෙරිහන් දුන්නා.....මට ඕන උනෙ ජින්වුව මෙතනම මරලා දාන්න වෙනකොට එයාවත් නොදැකපු කේන්තියක් මගෙන් එලියට ආවා....

කිල්ගාරා ...........


.සීන්....සීන්.....දෙවියනේ කරුනා කරලා කලබල නොවී ඉන්න සීන්.......

එයාගෙ කීමට කූඩු කරපු කිල්ගාරා මගෙ කටහඩ එක්ක කූඩුව කඩාගන එන්න හදනකොට තරහටම වෙව්ලන මාව ජින්වු එක පාර බදල අල්ල ගත්තා ...

සීන්.....කරුනාකරලා ...කලබල නොවී ඉන්න....කලබල නොවී ඉන්න...සීන්...සීන්......දරුවට හොද නෑ....ඔයා මෙහෙම කලබල උනොතින්....ඔයාට මොකද වෙන්නෙ ඔයා දන්නවා...ඔයාට මොනවා හරි උනොත් දරුවට මොකද වෙන්නෙත් ඔයා දන්නවා.....හැබැයි එයාට හරි සිහිය ආවම දරුවට මොකද උනේ ඇයි එහෙම උනේ කියලා දැනගත්තොතින් ඔයාට එයාගෙන් මොකද වෙන්නෙත් ඔයා දන්නවා...

COUNT    D R A C U L A ✅Where stories live. Discover now