3️⃣3️⃣වන කොටස🦇️

Start from the beginning
                                    

ආනේ....හිච්චියො....ආ කොල්ලො...අම්මෙක් වෙන්න නේද ඉන්නෙ....මොනවද ඔය කියන වරත්තු කතා...උඹ ඔහොමද මට කතා කරන්නෙ.....ඔහොම කතා කරලා අපේ ලමයගෙ මූනෙත් දැලි ගාපන්කො........

ම...හ...ත්..තයා.....ඇයි...ඔයාට..බැරි මට...ඉස්සර වගේ බනින්න.......ඔයා..මෙහෙම ඉන්නකොට ...මගෙ හිතට බයයි...නෙ.....

හුස්මක් කටක් නොගෙනම පිස්සෙක් වගේ කියවන එයාට මම කෑගැහුවා....වෙනදට මාව මරන් කන්න හදන කෙනා වෙනුවට එයා දුර්වල වෙලා හා සමනවම හැසිරෙනකොට ඒ හැසිරීම මාව බය කෙරුවා වගේම අවසානෙදි මම බෙරිහන් දෙනකොට එයා නිකන් බබාට ඇහෙයි කියලාදො අත් දෙකම මගෙ ලෑල්ලක් වගේ තියන බඩ උඩට තියලා වෙනදට මම කියන මෝඩ කතාවක්ම කියනකොට මගෙ ඇස්වලින් කදුලු එලියට පැන්නා........

වස්තුව .....මං...උඹට...හුගාක් ආදරෙයි ....ඒවගේම......ඇහැට පේන්නෙ නැති තරම් හැඩයක් වත් නැති කුඩා ලේ කැටියක් වෙච්ච මගෙ නූපන් දරුවටත් මම පන හා සමානවම ආදරෙයි ..........උඹ තවමත් බය ඊයෙ වෙච්ච දේට නම්....සීන්....අතීතෙ කියන්නෙ අතීතෙට.....ඊයෙ දවස දැනටමත් අතීතෙට ගිහින් ඉවරයි......ඒත්...අපි වර්තමානෙ ජීවත් වෙනවා....අපි මේ දැනුත් ආදරේ කරනවා.....එතකොට හෙට...හෙටත් අපි ආදරේ කරනවා.......උඹගෙ වර්තමානෙයි...අනාගතෙයි දෙකම මගෙ ගාව තියනකොට පහු ගිය යට ගියාව මට මොකටද වස්තුව ......අපි දෙන්නට පවුලක් තියනවා.......සීන්...මට.....මට....ගොඩක්...හොද තාත්තා කෙනෙක් වෙන්න ආසයි.......මට ආසයි මගෙ දරුවන්ට කවදා කවුරු  හරි මෙහෙම කියනවා අහන්න "ඔයාගෙ තාත්තව මම දන්නවා එයා හරි හොද මනුස්සයෙක් "එහෙම අහන්න....මම ආසයි...මගෙ දරුවො.." මේ ලෝකෙ ඉන්න හොදම තාත්තා ඉන්නෙ මට" කියලා කියනවා අහන්න..........සීන්......මම......හොද...කෙනෙක්...නෙවෙ....ඒත්...මට පුලුවන් නේද...හොද කෙනෙක් වෙන්න... ...

අනේ...මහත්තයා ....අනේ...එපානෙ....
ඔහොම කියනකොට මගෙ..පපුව....

ඇත්තටම එයාගෙ හැගීම් බර වචන මාවම රිදවනකොට මම එයාට තුරුල් උනා.....ඉවරයක් නැතිවම හිස්මුදුනට තියන හාදු ගනින්න බැරි වෙනකොට එයා මගෙ කොදු ඇට පේලිය දිගේ හෙමින් අත ගෑවා....

වස්තුව ....දවල්ට කන්නෙ මොනවද...මං...උයන්නද....

.අනේ...අම්මෙ...මහත්තයා....උයනවා නම් අපේ ගෙදර ගිහින්.......ඔයා මෙතන අපේ කුසිය ගිනි තිබ්බොත් මටත් එක්ක ලැජ්ජහෙ බෑ ඒයි.......

COUNT    D R A C U L A ✅Where stories live. Discover now