1️⃣6️⃣වන කොටස🦇️

Start from the beginning
                                    

හෙ...හෙලො.....හෙලො.....අපේ..එක්කෙනා...හෙලෝ.....

සද්දයක් නෑ...ඒවගේම එයත් නැ.....මේ තත්පර ගානට.....එයා කෝ....එයා කොහෙද .....අ...මම තවමත් ලයින් එකේ තිබුන කෝල් එකට පුලුවන් තරම් කතා කෙරුවත් කිසිම සද්දයක් නැතිවෙනකොට

මම ආයම එයාගෙ කාමරේ දිහා බැලුවා වගේම මාව කෑගස්සවගන  මගෙ බද වටේ කලු පාට ලෙදර් ග්ලවුස් දාපු අත් දෙකක් එතුනා වගේම මගෙ වම් උරහිස උඩට බරක් දැනුනා.....

ඉතින්....මගෙ වස්තුව ........පුංචි කූලන්....මාවද හොයන්නෙ....ම්ම්ම්ම්...මාව හොයනවා නම්....මම ඉන්නෙ...ඔයාගාවමයි.....

අ..අපේ...එක්..කෙනා...මේ...ඔ..යා...ඔයා...කොහො...මද....

ම්ම්ම්...ඕනකමක්තියනවානම්.........නැවිදින් ඉන්න විදිහක් නෑනෙ මගෙ පුංචි කූලන්  ....ඉතින්...කවදා...ඉදන්ද...මගෙ වස්තුව...ඔයාගෙ එක්කෙනාගෙ මූනෙ දැලි ගාන්න පටන් ගත්තෙ.......

මේ..මේ...අහන්නකො...අනේ..මේ...මේකයි...

ඔව් මං අහන් ඉන්නෙ...මගෙ වස්තුවට පුලුවන් ගොත ගහන් නැතිව කතා කරන්න..

එයා එයාගෙ නිකට මගෙ වම් උරහිස උඩ තියාගන මාව පිටිපස්සෙන් ඉදන් තුරුල් කරන් උන්නා වගේම මගෙන් අහනවා එයා මගෙ මූනෙ දැලි ගාන්න පටන් ගත්තෙ කවදා ඉදලාද කියලා....වෙනදට නම් මෙව් වෙනකොට මගෙ කටින් වචන කෝටියක් විතර එලියට පැනලා තිබුනත් අද මාව අතටම අහුවෙනකොට මට කර කියා ගන දෙයක් නැතිවම ගොලු වෙලා ගියා.....

මම හිමින් සීරුවෙ එයා පැත්තට හැරුනා වගෙම වෙනදා වගේම බැනුම්.නාහන්න බයටම ඇස් දෙක පොඩ්ඩක් කරකවලා එයා දිහා බලලා ඇහිපිල්ලමක් දෙකක් ගැහුවා....

ඉතින්...මගෙ පුංචි කූලන්ගෙ මේ චූට්ටකට නැති ඇබිත්තන් කටට තවම බොරුවක් මතක් උනේ නැතිද...ම්ම්...ඈ...අපෙ එක්කෙනා....මේ ඒයි...ඇයි...ඒයි.....කෝ ඉතින්....

එයාගෙ ඇස් දෙක මගෙ මූන පුරාවටම යනකොට කටට ආව දේත් එයා ඉස්සරහා ගිලිලා ගියා.....රතුවෙච්ච ඇස් කොන් වල සියුම් ලේ නහර පවා ඉලිප්පිලා පේනකොට එයා ඉන්නෙ තරහව හංගනන කියන එක මට දැනුනා...

හරි වැඩෙ ...... දැන් ඉතින් මොකද කරන්නෙ......ලමයෝ...මොකක් කර හරි කරපන්...ඒක උඹව හොයන් ඇවිත් තියෙන්නෙ හුරතල් කරන්න නෙවෙ උඹව හමගහන්න.....මදැයි අපේ එක්කනාව රවට්ටලා ආවා...අර උන්න පාඩුවෙ චුච්චුවක් කටේ ගහන් දොයියෑවනම් ඉවරයි....උඹ අවසානෙදි චුච්චුවෙත් දැලි ගාලා ආවා...යසයි හිච්චියො...යසයි.....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now