💔 Chapter 16

118 18 4
                                    

One night 🌃

එදා hospital එකේ වැඩ ගොඩ ගැහුණු දවස වුණ නිසා ජෙනීටයි ජීසෝටයි එදා ගෙදර යන්න ගොඩක් පරක්කු වුණා. දෙන්නා ප්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරිලා කයියක් දාගෙන හිමින් ඉස්සරහට ඇවිදගෙන ආවා. ඒත් ජෙනීට දැනුණා කවුරු හරි එයාලගෙ පස්සෙන් එනවා කියලා. ටික දවසක් තිස්සෙ එයාලගෙ පස්සෙන් එන කෙනා කවුද කියන එකත් ජෙනී හොඳටම දැනගෙන හිටියා. අද ඒ කෙනාව කොහොම හරි අල්ලගන්නවා කියලා හිතාගත්ත ජෙනී ජීසෝවත් ඇදගෙන වේගෙන් ඉස්සරහට දුවගෙන ගිහින් තාප්පෙකට මුවා වුණා.

පස්සෙන් ආව කෙනත් දුවගෙන ඇවිත් ජෙනීලා හැංගිලා ඉන්න තැනම නැවතිලා හති අරින ගමන් ජෙනීවයි ජීසෝවයි හොයන්න ගත්තා. ජෙනී එකපාරම හැංගිලා හිටිය තැනෙන් එළියට ඇවිල්ලා ආව කෙනාගෙ කොලර් එකෙන් අල්ලගෙන තාප්පෙට හිර කරගත්තා.

" ම්.මිස්!? "

🌹: " ඇයි අපේ පස්සෙන් එන්නෙ ආ.......? "

ජෙනී තමන්ගෙ පස්සෙන් ආව තේහ්‍යොන්ග්ගෙ බොඩිගාර්ඩ් කෙනෙක් වුණ යුන්ජේව තව ටිකක් තාප්පෙට හිර කරගත්තා.

🌹: " මං තමුසෙව දන්නවා. තේහ්‍යොන්ග් කොහෙද කියනවා......😤 "

🌸: " ජෙනී..... ඔය මනුස්සයව අතාරින්න! අහගන්න එකක් ඊට පස්සෙ අහගමු. "

🌹: " මට කියනවා....... තේහ්‍යොන්ග් කොහෙද!? "

" ම්..මිස්... "

🌹: " හරි! කියන්නෑනෙ. ජීසෝ..... පොලීසියට කතා කරන්න. අපේ පස්සෙන් එනවා කියලා මෙයාව අල්ලලා දෙමු! "

" අනේ එ..එහෙම කරන්නෙපා........ මිස්, ත්..තේහ්‍යොන්ග් සර් රට ගියා. "

යුන්ජේ කියද්දි ජෙනී යුන්ජේගෙ කොලර් එක අතෑරියා.

🌹: " රට ගියා!? මොන රටටද එයා ගියේ? මං ඔයාට යන්න දෙන්නම්. ප්ලීස් කියන්න මට.🥺 "

" තේහ්‍යොන්ග් සර් ඇමරිකා ගියා. "

🌹: " එයා කවද්ද එන්නෙ? "

⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Where stories live. Discover now