💕 Chapter 10 _____ 🔞

307 16 7
                                    

Next day morning 🌇

🌹: " ම්ම්ම්හ්..... "

ජෙනී ඇස් පිහද පිහද ලොකු ඈනුමක් ඇරල වටපිට බැලුවා. වෙනදට වඩා උනුහුමක් දැනෙද්දි එයා හිනාවෙලා ආයෙත් නිදාගන්න ගුලි වුණා. ඒත් ජෙනීට දැනුණා එයා ඉන්නෙ ඇඳ මට්ටමට වඩා ටිකක් උඩින් කියලා. තේහ්‍යොන්ග් නෑ කියල දැනෙද්දි ජෙනී අකුණක් ගැහුවා වගේ වේගෙන් තේහ්‍යොන්ග්ගේ බඩ උඩ ඉඳගත්තා.

තේහ්‍යොන්ග් හොඳටම නිදි. එයා නින්දෙන්ම ආයෙත් ජෙනීව පපුවට තුරුල් කරගත්තා. තේහ්‍යොන්ග්ගේ හදවත ගැහෙන සද්දෙ ජෙනීට හොඳටම ඇහුණා. සන්සුන්ව තාලෙට ගැහෙන තේහ්‍යොන්ග්ගෙ හදවත ගැහෙන සද්දෙ ජෙනී එයාව අත් දෙකෙන්ම බදාගෙන අහගෙන හිටියා. හැම උදේකම මේ වගේ තේහ්‍යොන්ග්ට තුරුල් වෙලා ඇහැරෙන්න ජෙනීට ඕනි වුණා. ජෙනී ඒ දැනෙන හැඟීමට ගොඩක් ආදරේ කළා. ❤️

ජෙනී බොහොම පරිස්සමෙන් තේහ්‍යොන්ග් ඇහැරෙන්නැති විදිහට ආයෙත් එයාගෙ බඩ උඩ ඉඳගත්තා. තේහ්‍යොන්ග් නිදාගෙන ඉද්දි හරියට පූස් පැටියෙක් වගේ. අඩුවකට තිබ්බෙ පුරු පුරු ගාන එක විතරයි. ඒ තරම් තේහ්‍යොන්ග් නිදාගෙන ඉද්දි සන්සුන් වගේම හුරතල්.

ජෙනී තේහ්‍යොන්ග්ගේ ඇහි බැමිවල ඉඳලා නහය දිගේ එයාගෙ හීනි ඇඟිලි රටාවකට අරන් ගියා. තේහ්‍යොන්ග්ගේ ලා රෝස පාට කම්මුල් දෙක දැක්කම ජෙනීට මේවා මගෙ නේද කියල හිතෙද්දි ලැජ්ජාවක් දැනුණා. කෙල්ල අත් දෙකෙන්ම ඇස් දෙක වහගෙන හුරතල් විදිහට හිනා වුණා. ඒත් මේ හැමදේම තේහ්‍යොන්ග් බාගෙට පියවිලා තිබිච්ච ඇස්වලින් බලාගෙන හිටියේ. එයා කොහොමත් නිදාගන්නෙ එහෙමයි කියල ජෙනී දන්න නිසා එයාට ඒකෙ ලොකු විශේෂයක් දැනුණෙ නෑ.

ජෙනී හෙමින් හෙමින් තේහ්‍යොන්ග්ගේ මූණට ළං වෙලා මුලින්ම නළලට සොෆ්ට් කිස් එකක් දුන්නා. ඊට පස්සෙ පේළියට කම්මුල් දිගේ හාදු තිබ්බ ජෙනී අන්තිමට නැවතුණේ තේහ්‍යොන්ග්ගේ රතු රෝස මික්ස් වුණු ලස්සන තොල් ළඟ. තේහ්‍යොන්ග් ටිකක් සිගරට් බොන කෙනෙක් නිසා එයාගෙ තොල් චුට්ටක් අඳුරු වෙලා තිබ්බෙ. ඒත් ඒක ජෙනීට ප්‍රශ්නයක් වුණ පෙනුමක් නම් තිබ්බෙ නෑ.

⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Onde histórias criam vida. Descubra agora