_15_

323 99 8
                                    

Hypnotized - 15

__________ ♡ __________

ජන්හි හිටියෙ තරුන වෛද්‍යවරයා ඔහුගෙ ලොකර් එකේ තිබිලා අරගත්තු කුඩා කෝපි පැකට් එක කඩලා උනු වතුරත් එක්ක හදලා දුන්න කලු කෝපි කෝප්පය රස විදින ගමන්. ඒ වගේම ඇගේ ශරීරයේ ගෑවෙන නොගෑවෙන තරම් ලගින් ඔහු වාඩි වෙලා හිටියා.

ක්‍රමානුකූලව වැටුන ජන්හිගෙ සුසුම් හඩ තරුන වෛද්‍යවරයට තේරුම් කලා ඇය දැන් සන්සුන් වෙලා වග.

" ජන්හි.."

ඇය උත්තර නොදුන්නත් ඔහු දිහා දෑස් විසල් කරලා බැලුවා.

" ආපහු එහෙම කියන්නෙ නෑ නේද..?"

ජන්හි එතකොටයි දැක්කෙ ඔහුගෙ දෑස් වලත් කදුලු පිරිලා තියනවා. මොහොතකට ජන්හිට දැනුනා වරදකාරී හැගීමක්.

" මට සමාවෙන්න ජන්කුක්.. මන් ආපහු එහෙම කියන්නෙ නෑ.."

ජන්හි එහෙම කියන ගමන් ඔහුගෙ අතකින් අල්ල ගත්තා.

" මාව විශ්වාස කරන්න.. මන් නිකන්ම වෛද්‍යවරයෙක් නෙවෙයි.. මන් විශේෂඥ මානසික වෛද්‍යවරයෙක්.. දවස් දෙක තුනක් එකම හීනෙ දැකලා අඩාගෙන නැගිට්ටා කියලා ඔයා මානසික ලෙඩෙක් වෙනවා කියලා අපි කවමදාවත් ඉගෙන ගත්තෙ නෑ.."

ජන්කුක් කිව්වෙ හිනාවෙන ගමන්. දැනුන ලැජ්ජාවට ජන්හිගෙ කම්මුල් රතු වුනා.

" කම්මුල් රතු වෙලා.. ඔයා සංවේදි කෙනෙක්.. අධි සංවේදි කෙනෙක්.."

තරුන වෛද්‍යවරයා ඇගේ කම්මුල් වලින් අල්ලගෙන හිනාවුනා.

" මන් ඒකට කැමතියි.."

ජන්කුක් එහෙම කිව්වත් ඒ දේ ජන්හිගෙ ඔලුවට ගියෙ නෑ.. මොකද එයා හිටියෙ වෙන කල්පනාවක..

.

.

' කවුද ජන්කුක්ට මන් දැකපු හීන ගැන කිව්වෙ..'

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now