_07_

338 105 20
                                    

Hypnotized - 07

__________ ♡ __________

තමන් හිස තියන් ඉන්න කොට්ටය තෙතයි කියලා කම්මුල් වලට දැනෙද්දි ඇය ඉක්මනින් අවදි වුනා. ඒක ඊයෙ පෙරේදා දවස් දෙකේ දැනුන හැගීමට වඩා ගොඩක් වේදනාකාරි බව ඇයට වටහලා දුන්නෙ ඇගේ රිදෙන හදවත සහ ගලන් ගිහින් තිබුන කදුලු පාරවල්.

මේසය උඩ පරවෙලා තිබුන රතු රෝස දිහා බලපු ඇය කොට්ටය තුරුලු කර ගනිමින් ආපහු කෑ ගහලා අඩන්න පටන් ගත්තා. ඒ වුනත් ඇයට ඕනි වුනේ නෑ ඇගේ අඩන හඩ වෙන කවුරුත් දැන ගන්න. ඒ නිසා ඇය නිශ්ශබ්දව ඉකි ගැහුවා.

ටික වෙලාවක් යද්දි ඇයට මතක් වුනේ එකම කෙනයි.

හැම ප්‍රශ්නෙම විවෘතව කතා කරන " නන්නාඳුනන ඇය"ව..

තව විනාඩියක්වත් ප්‍රමාද නොකරපු ජන්හී, ඇයට ඇමතුවෙ තවමත් ඒ සුදු ආලෝකය හිතේ ඇදෙන බව නිහඩ වේදනාවකින් මතක් කරමින්.

" ගුඩ් මෝනින් අක්කා.."

" ගුඩ් මෝනින් සුදු නෝනා.."

" අක්කෙ.. ඔයා අදත් ඇඩුවද..?"

" ..."

" අක්කෙ කතා කරන්න.. ඔයා අදත් ඒකම දැක්කද..? කතා කරන්න.. මොකද වෙලා තියන්නෙ.."

ඒ කෝච්චිය අහපු ප්‍රශ්න ගොඩට මොහොතකට ජන්හි ගොලු වුනා.

" කතා කරනවා අක්කෙ.. ඔයා හොදටම දන්නවා මට ඔතෙන්ට එන්න බෑ කියලා..!!"

" අනේ එපා වෙනවා නන්ගි.. එදා එයාව දැකපු වෙලේ ඉදන් මට එයාව හීනෙන් පේනවා.. තව ටිකකින් මට මේක වදයක් වෙන්නයි යන්නෙ.."

" මුලින්ම අඩන එක නවත්තන්න හාද..?"

" හ්ම්.."

" අහන්නකෝ.. ඒක ටිකක් අමුතුයි තමයි. එකපාරක් විතරක් දැකපු කෙනෙක් එකදිගට හීනෙන් පේනවා කියන එක.. කලබල වෙන්නෙපා හරිද.. මන් ටිකක් ඒ ගැන හොයලා බලන්නම්.."

අන්තිමට ජන්හිට පුලුවන් වුනා සුසුමක් හෙලා ගන්න.

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon