👑 Chapter 21 👑

Start from the beginning
                                    

💖  තමුසෙට හදවතක් කියලා දෙයක් තියෙන්න විදියක් නෑ. ඒ නිසා කිනිස්සක් පපුවට වැදුනට තමුසෙට රිදෙන එකකුත් නෑ. මේ කැලේ ඇතුලෙම තමුසේ අලු වෙලා යනවා.

ආරා ඉක්මනට දුවගෙන ආවේ අනිත් කට්ටිය හිටපු තැනට. ආරාගේ මුළු ඇඟම පණ නැතුව ගියේ ජුන්ගේ උකුල උඩින් ඔලුවත් තියාගෙන සිහිය නැතුව ඉන්න කුකීව දැක්කම. කුකීගේ මුළු ඇඟම ලේ වලින් නෑවිලා ගිහින්. අනිත් හැමෝගෙම ඇස් වලින් කඳුලු හෝ ගාලා කඩන් වැටෙද්දී ආරා ගිහින් කුකී ලඟ දණ ගහගත්තේ කුකීට කතා කරන ගමන්මයි. මේ දේවල් දිහා ජුන්ගේ අප්පත් ආරගේ ඔම්මා මින්හත් බලාගෙන හිටියේ අඬ අඬමයි.

💖  කුකී ඔප්පා...... අනේ නැගිටින්නකෝ... මට සමාවෙන්න.... මම නිසයි හැමදේම... අනේ නැගිටින්නකෝ.... ඔයා මාත් එක්ක තරහද

🐯  කුකී... ඔයාට බෑ අපිව දාලා යන්න....

🐥  අනේ නැගිටින්නකෝ කුකී.... ඔයා ඔය විහිලුවක් නේද කරන්නේ....

🌹  යුන්ගි ඔප්පා.... අනේ කුකී ඔප්පට නැගිටින්න කියන්නකෝ.... එයා අපිව බය කරනවා... මේක සෙල්ලම් කරන වෙලාවක් නෙවෙයිනේ...

යූනා යුන්ගිව හොලව හොලව කෑ ගහද්දී යුන්ගිගේ ඇස් දෙකෙනුත් කඳුලු කඩන් වැටෙන්න පටන් ගත්තා.

🌻  කුකී ඔප්පට මුකුත් වෙලා නෑ... එයා... එයා.... නිකන් ඉන්නේ ඔහොම... එයා මට විහිලු කරනවා.... එයාට බෑ මාව දාලා යන්න.... එයා බොරුවට ඉන්නේ. එයා කිව්වා මාත් එක්ක හැමදාම ඉන්නවා කියලා... එයාට යන්න බෑ...

🐨  එයා දැනටමත් ගිහින්.... පිලිගන්න

නම්ජුන් කිව්වේ ඔහේ බලාගත්තු අත බලාගෙන....

💖  ඒක වෙන්න බෑ.... අනේ මට කරන්න කිසිම දෙයක් නැද්ද.... මට බැරිද මාව බේර ගත්ත කුකී ඔප්පව බේර ගන්න....
.
.
.
.
.
.
.

ආරා....

එකපාර ටිකක් සද්දෙන් ආරාට කතා කරපු ආරාගේ ඔම්මා දිහාවට හැමෝම හැරුණා.

ආරා.... ඉස්සර.... යූ ට තිබුණා මැරුණු කෙනෙක්ට පණ දෙන්න පුළුවන් බලයක්. ඒක එකපාරයි පාවිච්චි කරන්න පුළුවන්. බැරිවෙලාවත්... ඒ බලය ඔයාටත් තියෙනවා නම්.....

You are my vampire queen | Completed |Where stories live. Discover now