👑 Chapter 4 👑

733 136 108
                                    

දඩාං.....💥

හැප්පුණා නේද ඉතින්.

___________________________________

මම දඩිබිඩි ගාලා නැගිටිනකොට අනිත් කට්ටියත් ඔක්කොම නැගිට්ටා. අර කොල්ලෝ ටික අපි දිහා ඔරවන් බලන් ඉන්නවා. වැඩියෙන්ම මම බ්රේක් නැතුව දුවන් ඇවිත් හැප්පිලා බිම පතබෑවිච්ච කෙනා.

💖  මොකද මට ඔරවන්නේ හලෝ
පාර බලාගෙන යන්න දන්නේ නැද්ද.

ඒ පාර නම් කට්ටියගේ මූණ නිකන් මොකක්ද එක වගේ වුණා. ඔව් ඉතිම් මංම පිස්සෙක් වගේ දුවගෙන ඇවිත් මංම හැප්පිලා මං හින්දම බිම වැටුණට පස්සේ මංම බැන්නාම.....

💖  ඒ පාර කන්න වගේ බලාගෙන ඉන්නවා. කෝ කෝ අයින් වෙනවා මගේ පනුස් සෙට් එක බඩගින්නේ කෑ ගහනවා.

මම කට්ටියව ඈත් කරලා එතනින් සෙට් එක එක්කම යන්තම් ශේප් වෙන්නයි හැදුවේ.

🐨  ඒයි ඒයි කොහෙද යන්න හදන්නේ ඔහොම නවතිනවා.

මොකෙක්ද මන්දා භූතයෙක් එහෙම කියන ගමන් මගේ ටී ෂර්ට් එකේ පිටි පස්සෙන් ඇදලා මාව පිටිපස්සට ඇද්දා.

බරාස්.......

මට හිතාගන්න පුළුවන් මොකක්ද උනේ කියලා.

ඔම්මා...... මේ යකා මගේ ටී ෂර්ට් එක ඉරුවා.

ඔම්මා හිටියා නම් මම එහෙම කෑගහන එක කෑගහනවාමයි.

💖  මොකක්ද යකූ ඒ කලේ. මොන කෙහෙල්මලකටද මගේ ටී ෂර්ට් එක ඉරුවේ. බලනවා අයිසේ දැන් මේක මීයෝ කාලා වගේ. අලුත් එකක් ඇඳගන්න දැන් අර උණබම්බුවේ නගින්න ගියොත් ඒම අද බඩගින්නේ.

🐰  මං දැනන් හිටියා හියුං කවදා හරි මෙහෙම බැනුමක් කාගෙන්හරි අහගන්නවා කියලා. මෙච්චර දවසක් අපේ ඇඳුම් විතරනේ ඉරුවේ

🐨  කටවහගන්නවා පොඩි එකා.

ආ.... මෙන්න මේක ඇඳ ගන්නවා.

ඒ පාර ඒ යකා එයා ඇඳගෙන හිටපු ජැකට් එක ගලවලා මට දුන්නා. ගන්නවද නැද්ද ගන්නවද නැද්ද

ඔන්න ඔහේ ගන්නවා කියලා හිතාගෙන මම ජැකට් එක ගත්තා.

💖  සිකේ.... මේකෙන් එන හඩු ගඳ විතරක්..... නාන්නේ එහෙම නැද්ද ඔයා මාසෙකට පාරක්වත්.

You are my vampire queen | Completed |Onde histórias criam vida. Descubra agora