👑 Chapter 8 👑

723 131 66
                                    

ඒ ආපු මෑන්ව මට හරියට පේන්නේ නෑ. කොහොම වුණත් එයා මං හිටපු තැන පහුකරගෙන ගියා. ටික දුරක් යනකම් ඉඳලා මං දුවගෙන දුවගෙන ගිහින් පයින් පාරක් ගැහුවම ඒ යකා දඩ බඩාං ගාලා බිමට පතබෑවුණා. ඊට පස්සේ නෙලුවා නෙලිල්ලක් දාගෙන ආයෙ නෑ කාලෙකින් කාලා නැතුව ඇති මෙහෙම කෑමක්.

___________________________________

Namjoon's pov

🐰 මොකක්ද හියුන් අනේ මාවත් එක්කන් යන්නකෝ අනේ අනේ අනේ මොකක්ද අනේ.

🐨 යාහ් කුකී මං දැන් කී පාරක් කිව්වද බෑ කියලා. මම ගියා අප්පව හම්බුණා. ආවා. නවතින්න යන්නේ නෑ.

🐰 අනේ ඒ උනාට මටත් යන්න ඕනි.

🐼 කුකී.... කටවහගෙන ඉන්නවා. දැන් නම්ජුන් හියුන් විතරයි යන්නේ. මේ රෑ කුකී නම් තාප්පෙන් පනින්න ගියොත් අතක් පයක් කඩාගෙන තමා නවතින්නේ.

🐰 මම නෙවෙයි හියුන් තමා එහෙම කඩා ගන්නව නම් කඩා ගන්නේ. හූම්ම්...

🐨 දැන් ඕක නවත්තගන්නකෝ. මං ගියා එහෙනම්.
ජින් හියුන් මෙහෙ දේවල් ගැන බලා ගන්න හොඳේ. ආආආ... හොබී ආරා ගැන ටිකක් බලා ගන්න.

🐻 හාකො හාකො. අපිව බලාගන්න කවුරුත් නෑනේ

🐨 ඇයි ජින් හියුන් ඉන්නේ.

🐻 අපිට තමා එයාවත් බලාගන්න වෙන්නේ.

🐼 හරි හරි දැන් ජුනී යන්නකෝ පරක්කු වෙන්නේ නැතුව.

🐨 හ්ම්ම්

මං ටක් ගාලා එලියට ඇවිත් කාටවත් පේන්නේ නැති වෙන්න වෙනදා විදියටම තාප්පෙන් එලියට පැනගත්තා. මෙතන ඉඳන් බය වෙන්න දෙයක් නෑනේ.

(මෙතන ඉඳන් තමා බය වෙන්න වෙන්නේ

🐨 ඇයි

කවුද එක්කෙනෙක් ඔන්න ඔය ඉස්සරහ පොල්ලක් තියාන ලෑස්ති වෙලා ඉන්නවා.

🐨 හහ්.... මට ගහන්න. අපි බලමුකෝ.

හා... බලමු 🌚 )

කෝකටත් කියලා හිමීට සද්දයක් ඇහෙන්නේ නැති වෙන්නයි ගියේ. සමහරවෙලාවට වූජින් සර්ගේ කට්ටියව දාලා තියෙන වෙලාවලුත් තියෙනවනේ. අද නම් නෑ වගේ.

You are my vampire queen | Completed |Where stories live. Discover now