ඒත් එක්කම හැමදෙයක්ම කලු පාටින් වැහිලා ගියා.
🐨 ආරා
ආරා___________________________________
Namjoon's pov
👤කුමරුනි.... ඉක්මනට එන්න. අර ගෑනු ලමයා....
🐨 ඇයි... එයාට මොකක්හරි කරදරයක්ද
👤එයා අනිත් තුන්දෙනත් එක්කම උද්‍යානය පැත්තට ඇවිදගෙන යන ගමන් හිටියේ. එකපාරටම එයා ඔලුවත් බදාගෙන කෑ ගහන්න පටන් ගත්තා. මට හිතෙන්නේ ඒ කෙල්ල පරිවර්තනය වෙලා නෑ. එයා දැනුයි පරිවර්තනය වෙන්න යන්නේ. හැබැයි ටිකක් දරුණුයි වගේ.
🐨 මොකක්
ඉක්මනට යමු.ආරා තාම පරිවර්තනය වෙලා නැද්ද. එතකොට එයා කොහොමද පරිවර්තනය වෙන්නත් කලින් මෙහෙට ආවේ.
මම පුලුවන් තරම් ඉක්මනට උද්‍යානය පැත්තට දිව්වා. මගේ පස්සෙන් අනිත් කට්ටියත් දුවගෙන ආවා.
ආරා කෑ ගහනවා. එයාට අමාරුයි වගේ. නැගිටින්න හදනකොට ආයෙත් වැටෙනවා. මම එකපාරට දුවගෙන ගිහින් ආරාව අල්ල ගත්තා.
💖 නම්ජුන්....
🐨 ආරා බය වෙන්න එපා. ඔයා පරිවර්තනය වෙන්නයි යන්නේ. කලබල වෙන්න එපා. ටිකක් ඉවසන්න.
💖 ඒත්....
ආආආආව්.....
ආරාගේ කට දෙපැත්තෙන් එකපාරට දත් දෙකක් මතු වුණා. ඒත් එක්කම එයාගේ ඇස් දෙක තද රතු පාටින් දිලිසිලා තත්පර ගානකින් ඒක නැතිවෙලා ගියා. එයාගේ ඇස් දෙක රතු පාටින් දිලිසෙනවත් එක්කම හඳත් එකපාරටම රතු පාටින් බැබලිලා එකපාරට නැති වෙලා ගියා.
ඒක කොහොමද වෙන්නේ...
රතු පාට ඇස් තියෙන වැම්පයර්ස්ලා....
සාමාන්‍ය වැම්පයර්ස්ලා නෙවෙයි. රතු පාට ඇස් තියෙන්නේ බලවත්ම වැම්පයර්ස්ලාටනේ. දැනට රතු පාට ඇස් තියෙන්නේ මටයි ටේටයි විතරයි.ආරාට එක පාරටම සිහිය නැති වුණා
🐨 ආරා
ආරා🐼 ජුන් එයාව ඉක්මනට කොහෙටහරි අරගෙන යමු.
මම ආරාව වඩාගෙන ඒ ලඟම තිබ්බ තැනකට අරගෙන ආවා.
YOU ARE READING
You are my vampire queen | Completed |
Vampireමහාම මහ මොම්ගල් කෙල්ලෙක්.....😜 ඒ කෙල්ලට ඉන්න පිස්සු හැදුණු යාලුවෝ තුන්දෙනෙක්......❤ වැම්පයර් රාජධානියේ අනාගත උරුමක්කරු.....👑 අත්නොහැරෙන මිතුරුකමකට එහා ගිය සහෝදර බැඳීම්......💖 තමන්ගේ හොඳම මිතුරිය වෙනුවෙන් ජීවිතයම කැප කල එක්තරා මිතුරියක්.....☺ අතීත...